පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
418/’19
ගරු ගාමිණී ලොකුගේ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා 2017 වර්ෂයේදී තරඟ විභාගයක් පැවැත්වූ බව දන්නේද;
(ii) එම විභාගයෙන් සමත්වූවන් අතරින් පුහුණුව සඳහා බඳවාගත් සංඛ්‍යාව කොපමණද;
(iii) පුහුණුව සඳහා අය කරන ලද මුදල කොපමණද;
(iv) එම පුහුණුව ලැබූවන්ගෙන් මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බඳවා ගත් සංඛ්‍යාව කොපමණද;
(v) පුහුණුව ලැබූවන් අතරින් පත්වීම් නොලබා සිටින සංඛ්‍යාව කොපමණද;
(vi) තරඟ විභාගයෙන් සමත් වී පුහුණුව අවසන් කර දැනට රැකියා සඳහා බඳවාගෙන නොමැති පුද්ගලයන් සඳහා පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේද;
(vii) බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව මැනුම් ක්ෂේත්‍ර සහයක තනතුර සඳහා බඳවා ගැනීමට කටයුතු කර ඇති බව දන්නේද;
(viii) තරඟ විභාගයෙන් සමත්ව පුහුණුව සඳහා තෝරා නොගත් අයදුම්කරුවන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව ගනු ලබන ඉදිරි පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-22
අසන ලද්දේ
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ජාතික වෘත්තීය කුසලතාවන්හි (NVQ) දෙවන මට්ටමේ නිපුණතාවක් ලබා තිබීම ඉහත මැනුම් සහායක ස්ථිර තනතුර සඳහා බඳවා ගැනීමට සුදුසුකමක් වන අතර, මෙම පුහුණුව ලබාගත් අය හට පමණක් ඉහත තරග විභාගය අයදුම් කළ හැක.
(iii) රු. 5,000/-
(iv) 547 - දෙවතාවකට බඳවාගෙන තිබෙනවා.
(v) මෙය හුදෙක්ම පුහුණු පාඨමාලාවක් වන අතර NVQ පුහුණුව අවසන් කළ පසු රැකියාවක් ලබා දීම සඳහා කිසිදු බැඳීමක් දෙපාර්තමේන්තුව හට නොමැත.
මෙය පුහුණුව සඳහා බඳවා ගනු ලබන දැන්වීමේ හා අදාළ ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන් කර ඇත. එම දැන්වීම හා ගැසට් නිවේදනය ඇමුණුම 01 හා 02 වශයෙන් සභාගත* කරනවා.
(vi) ඉහත පිළිතුරුම අදාළ වේ.
(vii) කිසිසේත්ම නැත.
ඔබතුමා අසා තිබෙනවා, පරිබාහිරව බඳවා ගත්තාද කියලා. එහෙම බඳවාගෙන නැහැ. NVQ තිබෙන්න ඕනෑ; තරග විභාගයට පෙනී සිටින්න ඕනෑ; සම්මුඛ පරීක්ෂණයට යන්න ඕනෑ. එහෙම නැතිව බඳවා ගන්න බැහැ. එම නිසා මම ඇමති වෙලාත් මට එක්කෙනෙකුවත් දමාගන්න බැරි වුණා, ඊට පරිබාහිරව.
(viii) එහෙම කීප දෙනෙකු ඉන්නවා.
මන්ත්‍රීතුමනි, අපි දැන් මේ ගැන සොයා බලා තිබෙනවා. ඒ අනුව අපට පෙනී ගියා, මේ පුහුණුවට ලොකු ඉල්ලුමක් තිබෙන බව. මේ පුහුණුව ලබා ගන්නේ "මිනින්දෝරු සහායක" වෙන්න විතරක්ම නොවෙයි. මේ පුහුණුව ලබා ගැනීමෙන් බලය ලත් මිනින්දෝරුවන් ළඟ රස්සාවකට යන්න පහසුවක් වනවා. මේ පුහුණුව ලැබීම තවත් වැඩ බිම්වල, විවිධ ඉංජිනේරු කාර්යයන්වල රැකියාවකට සුදුසුකමක් වනවා. විදේශ රැකියාවලටත් මේ පුහුණුව සුදුසුකමක් වෙන නිසා දැන් බොහෝදෙනෙකු ඉල්ලුම් කරනවා, මේ පුහුණුව හෝ ලබන්න අවස්ථාව දෙන්න කියලා. එහෙම පුහුණුව ලබා තරග විභාගයට පෙනී නොසිටි අයත් ඉන්නවා. මේ පුහුණුව ලබපු අයට ඉදිරියේදී ඕනෑම අවස්ථාවක ඒක සුදුසුකමක් වෙනවා, ගැසට් කරපු වෙලාවට ඉදිරිපත් වෙන්නත්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks