පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
417/’19
ගරු ගාමිණී ලොකුගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1978.12.01 දින ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සේවයට බැඳුනු කේ. විමලසේන මහතා 2016.11.24 දින සේවයෙන් විශ්‍රාම ගත් බවත්;
(ii) ඔහුට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව රු. 2,047,425.25 ක් බවත්;
(iii) එම මුදල 2016.12.24 දිනට පෙර ගෙවිය යුතුව තිබූ බවත්;
(iv) විමලසේන මහතා පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;
(v) මේ දක්වා විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවා නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවනු ලබන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) 2016.11.24 දින දක්වා හෝමාගම ඩිපෝවේ සේවය කර විශ්‍රාම ගොස් ඇත.
(ii) ඔහුට හිමි පාරිතෝෂික මුදල රු.1,574,942.50ක් ද, අධිභාර මුදල රු.472,482.75ක් ද වන අතර, ඒ අනුව ගෙවිය යුතු මුළු පාරිතෝෂික මුදල රු.2,047,425.25ක් වේ.
(iii) රු.1,574,942.50ක් වූ ගෙවිය යුතු පාරිතෝෂික මුදල 2016.12.24 දිනට පෙර ගෙවිය යුතු වුවත්, ආයතනයේ පවත්නා මූල්‍ය දුෂ්කරතා මත එම දිනට අදාළ පාරිතෝෂික මුදල් ගෙවීම් කිරීමට නොහැකි විය. එම නිසා රු.472,482.75ක අධිභාර මුදලක් එකතු වී ඇත. මේ වන විට ඔහු විසින් කම්කරු කාර්යාලයේ මෙම නොගෙවීම සම්බන්ධව පැමිණිල්ලක් කර තිබුණ ද, අදාළ මුදල අධිභාරය සමඟ මේ වන විට ගෙවීම් කර ඇත.
(iv) විමලසේන මහතා පිළිකා රෝගයකින් පෙළෙන බව මේ දක්වා ම අප වෙත වාර්තා කර නැත.
(v) දැනට මෙම අයට හිමි පාරිතෝෂික මුදල අධිභාරය සමඟ ගෙවා අවසන් කර ඇත.
(ආ) (i) පැන නොනඟී.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks