පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
416/’19
ගරු ගාමිණී ලොකුගේ මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.01.15 වැනි දිනට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ යෙදී සිටි ස්ථීර, අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2015.01.15 දින සිට 2018.05.15 දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලට ස්ථීර, අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බඳවා ගැනීම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පිරිස් පාලන සැලැස්මට අනුකූලව සිදු කර තිබේද;
(iv) ඉහත (ii)හි සඳහන් සේවකයන් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් වැටුප් හා දීමනා ලෙස මාසිකව වැය කරනු ලබන මුදල කොපමණද;
(v) 2015.01.15 දින සිට 2018.05.15 දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ස්ථීර, අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) ඉහත (v)හි සඳහන් සේවකයන් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් වැටුප් හා දීමනා ලෙස මාසිකව වැය කරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-08
අසන ලද්දේ
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ස්ථිර = 1871
අනියම් = 118
කොන්ත්‍රාත් = 03
එකතුව = 1992
(ii) ස්ථිර = 660
අනියම් = 16
කොන්ත්‍රාත් = 325
එකතුව = 1001
(iii) ඔව්.
(iv) රුපියල් 33,249,595.00
(v) ස්ථිර = 00
අනියම් = 00
කොන්ත්‍රාත්
(මුරකරු/කම්කරු) = 1398
(vi) රුපියල් 41,159,917.37 (2018 මැයි මාසයට)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks