පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
403/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ත්‍රිවිධ හමුදාව සඳහා පුද්ගලයන් බඳවාගැනීමේදී, ආධුනික අපේක්ෂකයාගේ කල්ක්‍රියාව, චරිතය හා අධ්‍යාපන සුදුසුකම් ඉතා උසස් තත්ත්වයෙන් තිබුනද, පියාට අනවසර මත්පැන් චෝදනා තිබීම හෝ දඩ ගැසීම් සිදු කර තිබීම හේතුවෙන්, ආධුනික අපේක්ෂකයාගේ බඳවාගැනීම අහෝසිවී යන බව එතුමා දන්නෙහිද?
(ආ) මෙම නීතිය ඉවත් කරලීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) නැත.
පුද්ගලයෙකුගේ පියෙකු අනවසර මත්පැන් භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම වැනි සුළු වැරැදි සම්බන්ධයෙන් චෝදනාවට හෝ දඬුවමකට ලක්වීම හේතු කොට ගෙන ඔහු හෝ ඇය සන්නද්ධ හමුදාවට බඳවා ගැනීම සඳහා සුදුසුකම් නොලැබෙන බවට නීතියක් නොමැත.
(ආ) අදාළ නොවේ. එවැනි ස්ථාපිත නීතියක් නොමැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks