පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
398/’18
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂයේ මහ කන්නයේ වට්ටක්කා හා තක්කාලි වැනි භෝගවල අස්වැන්න අලෙවි කිරිමට නොහැකිවීම හේතුවෙන් ගොවීන්ගේ ආර්ථිකය කඩා වැටුනු බව පිළිගන්නේද;
(ii) මේ හේතුවෙන් වට්ටක්කා මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 05 ක මුදලක් වෙන්කළ බවට පුවත්පත්වල පළ වූ වාර්තා සත්‍යයක්ද;
(iii) එසේ නම්, ඒවා මිලදී ගැනීමට හා අලෙවි කිරීමට සම්බන්ධ වූ ආයතන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත එළවළු කිලෝ එකක් මිලදී ගනු ලැබූ මිල කොපමණද;
(ii) ඒවා අලෙවි කරන ලද මිල කොපමණද;
(iii) මිලදී ගත් එළවළු ප්‍රමාණය කොපමණද;
(iv) මෙම වැඩපිළිවෙළින් රජයට සිදු වූ ලාභය හෝ අලාභය කවරේද;
(v) මෙම වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මත එය ඉදිරි වර්ෂයේදීත් ක්‍රියාත්මක කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) ඔව්.
(iii) මිලදී ගැනීමට සම්බන්ධ වූ ආයතන සතොස
ගොවිජන සේවා මධ්‍යස්ථාන
ගොවි සංවිධාන
අළෙවි කිරීමට සම්බන්ධ වූ ආයතන
කාගිල්ස්
කීල්ස් සුපර්
ආර්පිකෝ
* රජයට සම්බන්ධ වෙනත් ආයතන
(ආ) (i) වට්ටක්කා - රුපියල් 10.00
(ii) රුපියල් 12.00
(iii) කිලෝග්‍රෑම් 2,086
(iv) රජයට අලාභයක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.
(v) 2018 වර්ෂයේදී ප්‍රශ්නයක් ඇති වී නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks