01

E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0391/2019: පූජනීය ස්ථාන හා පොදු ස්ථාන සඳහා සූර්ය බලශක්ති විදුලි ජනක යන්ත්‍ර කට්ටල සවි කිරීම : විස්තර

391/’18

ගරු තේනුක විදානගමගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පූජනීය ස්ථාන හා පොදු ස්ථාන සඳහා සූර්ය බලශක්ති විදුලි ජනක යන්ත්‍ර කට්ටල සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;

            (ii)       එසේ නම්, එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම වැඩසටහන කවර ආයතනයක් හරහා ක්‍රියාත්මක කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම සෑම ව්‍යාපෘතියක් සඳහාම නාම පුවරුවක් සවි කරන්නේද;

(ii) එසේ නම්, එක් නාම පුවරුවක් සඳහා වැය වන මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) එම වැඩසටහන 2017 සහ 2018 යන වර්ෂවල ක්‍රියාත්මක කරන ලදී. 2019 වර්ෂයේදී ලැබීමට නියමිත මුදල් වෙන් කිරීම් අනුව එය ඉදිරියට සිදු කරනු ලැබේ.

(ii) 2017 සහ 2018 වර්ෂවලදී එක් එක් ව්‍යාපෘති සඳහා දරන ලද වියදම් පහත සඳහන් අයුරිනි.

2019 වර්ෂයේදී ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන මේ වෙන තෙක් වෙන් කර නොමැත.

(iii) ඉහත සඳහන් වැඩසටහන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලදී.

(ආ) (i) · ඔව්

· "සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන සඳහා මහ ජනතාව දැනුවත් කිරීමට සහ තාක්ෂණය පිළිබඳව ඔවුන්ගේ විශ්වසනීයත්වය ඇති කිරීම සඳහා නාම පුවරු ඉදිකරන ලදී.

(ii) · ආගමික ස්ථානවල සහ රජයේ ගොඩනැඟිලිවල නාම පුවරු ඉදිකරන ලදී.

· ආගමික ස්ථානවල සූර්ය පැනල සවි කරනු ලැබූ සමාගම් විසින්ම සූර්ය පැනල සවි කරන ලද ස්ථානයන්හි නාම පුවරු ඉදි කරන ලදී.

· රජයේ ‍ගොඩනැඟිලිවල ඉදිකරනු ලැබූ නාම පුවරුවක් සඳහා මිල රුපියල් 41,650කි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks