01

E   |     |  

 දිනය: 2019-05-23   පිළිතුර ලබා දී ඇත 

0364/2019: දෙල්තොට වතුයා‍යේ විශ්‍රාමික කම්කරුවන්: ඊපීඑෆ්, ඊටීඑෆ් සහ විශ්‍රාම පාරිතෝසික

364/’18

ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු දෙල්තොට වතුයා‍යේ 2002 වර්ෂයේදී සේවය කරන ලද වතු කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       වර්ෂ 2000 සිට 2015 දක්වා මෙම වතුයායේ සේවය කර විශ්‍රාම ගැන්වූ  පිරිමි සහ කාන්තා වතු කම්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එසේ විශ්‍රාම ගැන්වූ කම්කරුවන් අතරින් මේ වනවිටත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ සහ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා නොමැති කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් කම්කරුවාගේ නම, ලියාපදිංචි සාමාජික අංකය, සේ.නි.භා.අරමුදල්, සේ.භා.අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකයේ හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-23

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      වතු කම්කරුවන් 328

              (ii)     

 

වර්ෂය

සේවය කර විශ්‍රාම ගැන්වූ

මුළු සංඛ්‍යාව

 

පිරිමි සංඛ්‍යාව

ගැහැනු සංඛ්‍යාව

 

2000

10

8

18

2001

7

5

12

2002

12

9

21

2003

5

7

12

2004

3

5

8

2005

5

7

12

2006

7

5

12

2007

4

10

14

2008

3

6

9

2009

2

4

6

2010

6

7

13

2011

9

12

21

2012

3

9

12

2013

10

6

16

2014

6

7

13

2015

5

8

13

Total

97

115

212

(iii) සේ.නි.භා අරමුදල                      -   0

                        සේවක අර්ථ සාධක අරමුදල           - 203

                        විශ්‍රාම පරිතෝෂිකය                       -  09

              (iv)      ඇමුණුමෙහි* හි සඳහන් වේ.

 

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks