01

E   |     |  

 දිනය: 2019-03-11   පිළිතුර ලබා දී ඇත 

0360/2019: සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම: EPF, ETF, Gratuity හිඟ මුදල්

360/’18

ගරු වේලු කුමාර් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 ජනවාරි 08 වැනි දින වනවිට සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ගෙවීමට හිඟව තිබු මුදල කොපමණද;

            (ii)       එම හිඟ මුදලෙන් 2015, 2016 සහ 2017 වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;

(iii) 2015 ජනවාරි 08 වැනි දින වනවිට සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම විසින් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට (ETF) ගෙවීමට නියමිතව තිබු හිඟ මුදල කොපමණද;

(iv) එම හිඟ මුදලෙන් 2015, 2016, 2017 යන වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;

(v) 2015 ජනවාරි 08 වන දින වනවිට සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම විසින් ගෙවීමට නියමිතව තිබු පාරිතෝෂික දීමනා (Gratuity) හිඟ මුදල කොපමණද;

 (vi) එම හිඟ මුදලෙන් 2015, 2016, 2017 යන වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-11

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            i)       රුපියල් මිලියන 273.9 (දෙසිය හැත්තෑතුනයි දශම නවය)කි.

              (ii)       *   2015 වර්ෂයේ පියවන ලද මුදල රුපියල් මිලියන 86.2               (අසූහයයි දශම දෙක)කි.

                         *   2016 වර්ෂයේ අභ්‍යන්තර ඉපයීම් නොමැති වීම හා මහා      භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබීම      හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට තිබූ     හිඟ මුදල් ගෙවා නොමැත.

*   2017 වර්ෂයේ පියවන ලද මුදල රුපියල් මිලියන 63.11 (හැටතුනයි දශම එකයි එක)කි.

(iii) රුපියල් මිලියන 26.5 (විසිහයයි දශම පහ)කි.

(iv) * 2015 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 4.56 (හතරයි දශම පහයි හය)කි.

* 2016 වර්ෂයේ අභ්‍යන්තර ඉපයීම් නොමැති වීම හා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවා නොමැත.

* 2017 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 12.56 (දොළහයි දශම පහයි හය)කි.

(v) රුපියල් මිලියන 81.5 (අසූ එකයි දශම පහ)කි.

(vi) * 2015 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 3.14 (තුනයි දශම එකයි හතර)කි.

* 2016 වර්ෂයේ අභ්‍යන්තර ඉපයීම් නොමැති වීම හා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පාරිතෝෂික දීමනා සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවා නොමැත.

* 2017 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 3.21 (තුනයි දශම දෙකයි එක)කි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-03-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks