01

E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0359/2019: ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව: EPF, ETF සහ GRATUITY ගෙවීම්

359/’18

ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2015 ජනවාරි 08 වැනි දින වනවිට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLPC) විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ගෙවීමට හිඟව තිබූ  මුදල කොපමණද;

             (ii)      එම හිඟ මුදලෙන් 2015, 2016 සහ 2017 වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;

(iii) 2015 ජනවාරි 08 වැනි දින වනවිට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින්  සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලට (ETF) ගෙවීමට නියමිතව තිබූ  හිඟ මුදල කොපමණද;

(iv) එම හිඟ මුදලෙන් 2015, 2016, 2017 යන වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;

(v) 2015 ජනවාරි 08 වැනි දින වනවිට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ගෙවිය යුතුව තිබූ  පාරිතෝෂික දීමනා (Gratuity) හිඟ මුදල කොපමණද;

 (vi) එම හිඟ මුදලෙන් 2015, 2016, 2017 යන වර්ෂවලදී පියවන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රුපියල් මිලියන 485.64 (හාරසිය අසූ පහයි දශම හයයි හතර) කි.

              (ii)      2015 වර්ෂයේ පියවන ලද මුදල රුපියල් මිලියන 136.45 (එකසිය තිස්හයයි දශම හතරයි පහ) කි.

                        2016 වර්ෂයේ පියවන ලද මුදල රුපියල් මිලියන 42.62 (හතළිස් දෙකයි දශම හයයි දෙක) කි.

                        2017 වර්ෂයේ පියවන ලද මුදල රුපියල් මිලියන 172.85 (එකසිය හැත්තෑදෙකයි දශම අටයි පහ) කි.

(iii) රුපියල් මිලියන 41.82 (හතළිස් එකයි දශම අටයි දෙක) කි.

(iv) 2015 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 19.07 (දහනවයයි දශම බින්දුවයි හත) කි.

2016 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 33.24 (තිස්තුනයි දශම දෙකයි හතර) කි.

2017 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 17.92 (දාහතයි දශම නවයයි දෙක) කි.

(v) රුපියල් මිලියන 234.54 (දෙසිය තිස්හතරයි දශම පහයි හතර) කි.

(vi) 2015 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 148.38 (එකසිය හතළිස්අටයි දශම තුනයි අට) කි.

2016 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 11.78 (එකොළහයි දශම හතයි අට) කි.

2017 වර්ෂයේදී පියවන ලද මුදල රුපියල් මිලියන 41.68 (හතළිස් එකයි දශම හයයි අට) කි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks