01

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0355/2019: එම්.ජී.ආර්. සමරසිංහ මහතා: විශ්‍රාම වැටුප් හිමිකම

355/’18

ගරු මුහම්මදු නසීර් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       “විශ්‍රාම වැටුප් සහිත සේවාවල වසර 10කට වඩා අඩු සේවා කාලයක් ඇති, එහෙත් අනියම් හා තාවකාලික සේවා කාලයක්ද සමඟ වසර 10කට වඩා වැඩි සේවයක් ඇති කම්කරුවන්ට විශ්‍රාම වැටුප් හිමිකම පිරිනැමීම” යන මැයෙන්   වූ අංක 94/550/018 හා 1994.05.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එවකට වසා දමන ලද පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලේවැල්ල බලවේග පෙහෙකම්හලේ, තලාතුඔය මධ්‍යස්ථානයේ වැද්දුම්කරු තනතුරේ සේවය කළ දන්තුරේ, සියඹලාගොඩ, කොබෝඅංග,  අංක 1/බී, දරන ස්ථානයේ පදිංචි එම්. ජී. ආර්. සමරසිංහ මහතාට මෙතෙක් විශ්‍රාම වැටුප් පිරිනැමීම සිදුවී නොමැති බව දන්නේද;

(ii) 1975.10.20 දින සිට අදාළ ආයතනය වසා දැමීමේ කාලය දක්වා සේවයේ යෙදී සිටි ඔහුට අනියම් හා තාවකාලික සේවා කාලය ද සැලකිල්ලට ගෙන විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගන්නේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)       ඔව්.

              (ii)       නැත.

(ආ)       එම්.ජී.ආර්. සමරසිංහ මයා 1975.10.20 දින සිට 1982.03.01 (බලවේග ව්‍යාපාරය පෞද්ගලික අංශයට පවරන ලද දින) දක්වා ලේවැල්ල ව්‍යාපෘතියේ තලාතුඔය ආයතනයේ තාවකාලික අර්ධ නුපුහුණු කම්කරු තනතුරේ සේවය කරන ලදි.

           මෙය තාවකාලික තනතුරකි. මුළු සේවා කාලය වර්ෂ 06යි මාස 04 කි.

           අංක 94/550/018 හා 1994.05.11 දින අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අවම පස් වසරක ස්ථිර සේවා කාලයක් සහිත සේවකයින් සඳහා කවර හෝ අනියම් හෝ තාවකාලික හෝ සේවා කාලයක් එකතු කර වසර 10 සේවාවක් ගණනය කළ හැකිය.

එහෙත් එම්.ජී.ආර්. සමරසිංහ මයාට අවම පස් වසරක ස්ථිර සේවා කාලයක් නොමැතිවීමත් මුළු සේවා කාලය වසර 06 මාස 04 වීමත් හේතුවෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබයි.

බලවේග ව්‍යාපාරය පෞද්ගලික අංශයට පැවරීම හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයින් සඳහා වන්දි මුදල් ලබා දී ඇති අතර, ඒ අනුව එම්.ජී.ආර්. සමරසිංහ මයා ඔහුගේ සේවා කාලය වෙනුවෙන් රුපියල් 102.000.00ක වන්දි මුදලක් 2013 වර්ෂයේදී ලබා ගෙන ඇත.

පිළිතුරු දුන් දිනය

2019-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks