පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
350/’18
ගරු මුහම්මදු නසීර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය හෝ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන් වූ සහ පීඩාවට පත් වූ පුද්ගලයන්ට රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ වැඩසටහන් යටතේ ලබාදෙන සහන කවරේද;
(ii) ඒ අනුව, වර්ෂ 2009 සිට මේ දක්වා, එසේ සහන ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ත්‍රස්තවාදි ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන් වූ හෝ බලපෑමට පත් වූ ජනතාව සඳහා අමාත්‍යාංශය විසින් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන් මඟින් පහත සහන ලබා දෙන ලදී.
ලබා දුන් ආධාරනිවාසජල සැපයුම්විදුලි සැපයුම්සනීපාරක්ෂක පහසුකම්ජීවනෝපායනැවත පදිංචි කිරීමේ ආධාර (ඉඩම් එළි පෙහෙළි කිරීම, තාවකාලික වාසස්ථාන, වෙනත්)
(ii) ඔව්.
අදාළ තොරතුරු මේ සමඟ අමුණා ඇත.
ඇමුණුම i සිට ix දක්වා සභාගත* කරමි.
(ආ) පැන නොනඟි.
පිළිතුරු දුන් දිනය
2019-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks