පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
341/’18
ගරු ඉෂාක් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මහවැලි H කලාපයේ ඇති සියලුම කුඹුරුවලට ජලය සපයන ඇළ වේලි දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ජලය අපතේ යාමෙන් ගොවිතැන් කටයුතුවලට නිසියාකාරව ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති බව දන්නේද;
(ii) මෙම ඇළ වේලි ඇතුළු වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-10
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මහවැලි "එච්" කලාපය අඩුම ජල භාවිතයෙන් වගා කටයුතු කරන වාරි පද්ධතියකින් සමන්විත වන බවත්, පසුගිය මහ කන්නයේ ද ජල කාර්යය අක්කර අඩි 3.2ක් අක්කරයක් සඳහා වාර්තා කර ඇති බැවින්, මහවැලි "එච්" කලාපය ජලය අපතේ යෑම අඩු හා ජල කාර්යක්ෂමතාව වැඩි වාරි පද්ධතියකින් යුක්ත වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත.
(ii) මෙම වාරි පද්ධතිය සම්පූර්ණයෙන් 1998 - 2003 කාලය තුළ මහවැලි ප්‍රතිව්‍යුහගතකරණ හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලදී. නමුත්, සම්පූර්ණ වාරි පද්ධතිය (කුඩා වැව් ඇතුළුව) නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමක පවතින අතර, ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපහසු වී ඇතත්, කාලගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) යටතේ රුපියල් මිලියන 300කට අධික මුදලක් යොදවා, 2014 වසරේ සිට මේ දක්වා මෙම වාරි පද්ධතියේ අත්‍යවශ්‍ය ස්ථානවල නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්ෂික ප්‍රතිපාදන හා වෙනත් ප්‍රතිපාදන මඟින් වාරි පද්ධතියේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, ඉදිරියේදී ද යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks