04

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0326/2019: මැදවච්චිය පොලිස් ස්ථානය: නවීකරණය

326/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      විශාල ප්‍රදේශයක් ආවරණය  කරනු ලබන මැදවච්චිය පොලිස් ස්ථානය ඉතාමත් පැරණි ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති බව දන්නේද;

(ii) එම ගොඩනැගිල්ල නවීකරණය කිරීම හෝ අලුත් ‍ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගෙන තිබේද;

(iii) එසේ නම්, එය ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම හෝ පවතින ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස මැදවච්චිය පොලිස් ස්ථානාධිපති වෙත දැනුම් දී ඇත. අදාළ වාර්තා ලද පසු නියමිත අනුමැතීන් හා මුදල් ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-04-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks