පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
320/’18
ගරු සිසිර ජයකොඩි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික පාසලක වසර 8ට වඩා වැඩි කාලයක් සේවයේ නියුතු විදුහල්පතිවරුන් ස්ථානමාරු කිරීමේ වැඩපිළිවෙළක් 2018 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන්නේද;
(ii) එසේ නම්, ඒ යටතේ ස්ථානමාරු කිරීම සඳහා යෝජිත ජාතික පාසල්වල නම් සහ ඒවායේ විදුහල්පතිවරුන්ගේ නම් කවරේද;
(iii) මෙම ස්ථානමාරු කිරීම් හේතුවෙන් ජාතික පාසල් පද්ධතිය මුළුමනින් බිඳවැටීම මෙන්ම, එම පාසල්වල අධ්‍යාපන මට්ටම කඩා වැටීමක් සිදු නොවන බවට සහතික වන්නේද;
(iv) එම පාසල්වලට නව විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) "අ" ප්‍රශ්නය ආකාරයේ ස්ථාන මාරු කිරීමක් සිදු නොවේ. එහෙත්, මෙය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ජාතික පාසල් පද්ධතියේ බිඳවැටීමක් හෝ පාසල්වල අධ්‍යාපන මට්ටමේ කඩා වැටීමක් සිදු නොවන බවට සහතික වෙමි.
(iv) 2018 වර්ෂයේ ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීමේ පුවත් පත් නිවේදනය, සම්මුඛ පරීක්ෂණ හා සියලුම සම්මුඛ පරීක්ෂණ ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධාපන සේවා කමිටුවේ ලේකම්ගේ අංක ESC/APP/SLPS/04/59/2017 VOL - 11 හා 2019.03.01 දිනැති ලිපිය මඟින් අවලංගු කර ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ උපදෙස් පරිදි ඉදිරියේදී නැවත පුවත් පත් දැන්වීම් පළ කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks