01

E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0318/2019: Appointments for Politically Victimized

318/’18

ගරු සිසිර ජයකොඩි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යන පදනම මත අධ්‍යාපන සේවයේ උසස්වීම් ලබාදීමට පියවර ගෙන තිබේද;

             (ii)      ඉහත කරුණ මත උසස්වීම් ලබාදීමට නිර්දේශිත අධ්‍යාපන සේවයේ යෙදී සිටින්නන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

(iii) දේශපාලන පලිගැනීම්වලට ලක්වූවායැයි නිර්දේශ කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද;

(iv) එම කමිටු සාමාජිකයන් ද දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යන පදනම මත උසස්වීම් සඳහා නිර්දේශ ලබා තිබේද;

(v) එසේ නම්, එම කමිටුවේ සාමාජිකයන් වෙත ලබාදීමට නිර්දේශ කර ඇති උසස්වීම් කවරේද;

(vi) එම උසස්වීම් හේතුවෙන් අධ්‍යාපන සේවය බරපතළ පිරිහීමකට ලක්වන බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks