04

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0251/2019: ප්‍රතිසංස්කරණය කරන ලද වාරිමාර්ග : මහනුවර දිස්ත්‍රික්කය

251/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2015, 2016 සහ 2017 වර්ෂවලදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා වාරිමාර්ග කවරේද;

             (ii)      එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු  සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;

(vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

 

(viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)   

වර්ෂය

              සුළු වාරිමාර්ග

2015

සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය

2016

වැව් ප්‍රතිසංස්කරණය

 

නිර්මිත ඉදිකිරීම

 

වාරි ඇළ ප්‍රතිසංස්කරණය

 

කෙත් ඇළ ප්‍රතිසංස්කරණය

 

අමුණ ප්‍රතිසංස්කරණය

 

ජලාපවහන පද්ධති/ඇල මාර්ග වැඩිදියුණු කිරීම

2017

අමුණු සුළු අලුත්වැඩියාව

 

ඇළ මාර්ග වැඩිදියුණු කිරීම

 

වැව් ප්‍රතිසංස්කරණය

මධ්‍යම පරිමාණ වාරිමාර්ග - මහනුවර දිස්ත්‍රික්කයේ 2015, 2016, 2017 වසරවල රත්න ඇල්ල ව්‍යාපාරය, ගම්පොලවෙල රජඇල ව්‍යාපාරය, උඳුගොඩ බණ්ඩාර ඇල ව්‍යාපාරය යන මධ්‍ය වාරිමාර්ග ව්‍යාපාරවල වාරිමාර්ග පද්ධති මෙහෙයුම් හා නඩත්තු, නිර්මිත ඉදිකිරීම් සහ මූලස්ථායී වැඩ ප්‍රතිසංස්කරණය, කෘෂි මාර්ග නඩත්තු කටයුතු, ඇල මාර්ග වැඩි දියුණු කිරීම් කටයුතු, දෙපාර්තමේන්තු ඉඩම් හා අනෙකුත් වත්කම් ආරක්ෂා කර ගැනීම, ගංවතුර හානි අලුත්වැඩියාවන් සිදු කර ඇත.

මහා පරිමාණ වාරිමාර්ග - 2015, 2016, 2017 වසරවලදී මිණිපේ ව්‍යාපාරය, මුරපොල ව්‍යාපාරය යන මහා වාරිමාර්ග ව්‍යාපාරවල වාරිමාර්ග පද්ධති මෙහෙයුම් හා නඩත්තු, නිර්මිත ඉදිකිරීම් සහ මූලස්ථායී වැඩ ප්‍රතිසංස්කරණය, කෘෂි මාර්ග නඩත්තු කටයුතු, ඇල මාර්ග වැඩි දියුණුකිරීම් කටයුතු, දෙපාර්තමේන්තු ඉඩම් හා අනෙකුත් වත්කම් ආරක්ෂා කර ගැනීම, ගංවතුර හානි අලුත්වැඩියාවන් සිදු කර ඇත.

(ii)

(iii) සුළු පරිමාණ වාරිමාර්ග- ක්‍රියාත්මක කරන ලද රුපියල් මිලියන 05ට අඩු ව්‍යාපෘති ඍජු කොන්ත්‍රාත් ලෙස අදාළ ගොවි සංවිධාන වෙත පවරා ඉටුකරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික්කයන් වෙත ලබාදෙන අතර, දිස්ත්‍රික් භාර නියෝජ්‍ය/සහකාර කොමසාරිස්වරු විසින් අදාළ කොන්ත්‍රාත් පිරිනමනු ලබයි.

මධ්‍ය හා මහා පරිමාණ වාරිමාර්ග - ටෙන්ඩර් කැඳවීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලද ව්‍යාපෘතිද ඇති බව සඳහන් කරමි

(iv) සුළු පරිමාණ වාරිමාර්ග - ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

මධ්‍ය හා මහා පරිමාණ වාරිමාර්ග - ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

(v) සුළු පරිමාණ වාරිමාර්ග

වර්ෂය

වියදම(රුපියල්)  

මූල්‍ය ප්‍රගතිය %  

භෞතික ප්‍රගතිය

  වැඩ අවසන්

අවිච්ඡේද

2015

 31,854,433.29

 96.16

106

    -

2016

111,907,019.69

 93.31

138

    -

2017

 32,745,896.19

 79.81

 19

   01

මහා හා මධ්‍ය පරිමාණ වාරිමාර්ග - සියලුම කාර්යයන් සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන යටතේ අවසන් කර ඇති අතර, භෞතික හා මූල්‍ය ප්‍රගතිය සියයට සියයක් දක්වා ළඟා කර ගෙන ඇති බව දන්වා සිටිමි.

(vi) සුළු පරිමාණ වාරිමාර්ග - අදාළ නොවේ.

මධ්‍ය හා මහා පරිමාණ වාරිමාර්ග - දැනට පවතින ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා අලුත්වැඩියා කිරීම් කටයුතු සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා සහ පරිසර වාර්තා සකස් කිරීම අවශ්‍ය නොවන බව කාරුණිකව සඳහන් කරමි. සියලු කාර්යයන් සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකර සැලසුම් කිරීමෙන් අනතුරුව ඇස්තමේන්තු සකස්කර ඇති බව සඳහන් කරමි.

(vii) නැත.

(viii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks