පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
245/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(ii) එම කොට්ඨාසය තුළ කැණීම් නොකරන ලද එහෙත්, හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටා තිබේද;
(iii) එසේ නම්, ඒවා කවරේද;
(iv) ඉහත කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත රජමහා විහාර සංඛ්‍යාව කොපමණද; ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(v) ඉහත පුරාවිද්‍යාත්මක ස්ථානවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-06
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 20.
ස්ථානීය නාමාවලිය ඇමුණුම 01හි* දැක්වේ.
(ii) ඔව්.
(iii) ඇමුණුම 02හි* දැක්වේ.
(iv) 01
ඇමුණුම 03හි* දැක්වේ.
(v) 2019 වර්ෂය සඳහා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර නොමැත. මෙම ස්ථාන කලාප භාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නඩත්තු කටයුතු සිදුකරමින් පවත්වාගෙන යනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks