පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
242/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බොහෝ පිරිසකගේ නිවාසවලට හානි සිදු වී ඇති බවත්;
(ii) එසේ නිවාස හානි වු පිරිසෙන් 220 දෙනෙකුට සිය නිවාස අතහැර දමා යන ලෙස දැනුම් දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නිවාස අතහැර යන ලෙස දැනුම් දී ඇති නිවාස හිමියන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(ii) නිවාස අතහැර යෑමට පෙර ඔවුන්ට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව දන්නේද;
(iii) පීඩාවට පත් 220ක් පමණ වූ නිවාස හිමියන්ගේ ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-26
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2019-09-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks