01

E   |     |  

 දිනය: 2019-03-15   පිළිතුර ලබා දී ඇත 

0240/2019: විල්ගමුව ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම : පාරිසරික හානිය

240/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහවැලි ග‍ඟේ වැලි ගොඩ දැමීම සඳහා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  විසින්  බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;

(iii) මෙම බලපත්‍ර ලබා දීම  හේතු කොට ගෙන විල්ගමුව ප්‍රදේශයේදී මහවැලි ගඟට විශාල පාරිසරික හානියක් සිදුවන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, එම හානිය වැළැක්වීම‍ට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-15

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2019-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks