පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
234/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගලේවෙල ප්‍රදේශයේ ඉහළ ලිග්ගල නමින් ගමක් තිබෙන බවත්;
(ii) මෙම ගමේ බහුතර පවුල් සංඛ්‍යාවක් ගඩොල් කපා ජීවත්වන බවත්;
(iii) පවතින දැඩි නියඟය, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට එම ගම්මානයේ ජනතාවම කර්මාන්තය කරගෙන යාමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වී සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම ගම්මානයේ ජීවත්වන ජනතාවගේ ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-22
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඹුක්ගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ "ඉහළ ලිග්ගල" නමින් ගමක් නොමැති අතර, "ඉහළ දිග්ගල" නමින් ගමක් පිහිටා ඇත.
(ii) ඔව්.
(iii) ඔව්.
පරිසරය ආරක්ෂා කිරීම සඳහා පරිසර අධිකාරිය විසින් පනවන ලද රෙගුලාසි හේතුකොටගෙන මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (පස් හා දර) ලබා ගැනීමේ දුෂ්කරතාව නිසා මිල ඉහළ යාම හා ඒවා ප්‍රවාහන පිරිවැය ඉහළ ගොස් ඇත. පවත්නා වියළි කාලගුණික තත්ත්වයන් මත ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම අඩු වීම හේතුවෙන් ජලය ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කර නළ ළිං ඉදිකිරීමට සිදු වීම.කර්මාන්තය සඳහා පස් කැණීමට හෝ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීම මහනුවර පල්ලේකැලේ පිහිටි භූ විද්‍යා හා පතල් කාර්යාංශය මඟින් සිදු කෙරෙන අතර එය දීර්ඝ ක්‍රියාවලියක් වීම හා දීර්ඝ කාලයක් ගත වීම යන ගැටලු කර්මාන්තයේ නියැළෙන්නන් හට ඇති වී තිබෙන අතර මෙම කර්මාන්තය හේතුවෙන් උද්ගත වී ඇති තවත් පාරිසරික හා සමාජමය ගැටලු කීපයක් ද වේ. ඒ අතර පස් ලබා ගැනීම සඳහා වළවල් හෑරීම හා ඒවා තුළ ජලය එක්රැස් වීමෙන් මදුරුවන් බෝවීම හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය හා පාරිසරික ගැටලු ද ඇති වී ඇත.
(ආ)
ගඩොල් කර්මාන්තයේ නියැළෙන්නන්ගේ සංගමයක් පිහිටුවීම.ගඩොල් ආවරණය කිරීමට යොදා ගන්නා ලද පොල් අතු ආවරණ වෙනුවට සමෘද්ධි අධිකාරියේ මැදිහත් වීම මත තහඩු ආවරණ ලබා දීම.නීති විරෝධීව සිදු කරන කටයුතු පාලනයට හා අවම කිරීමට ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම.ගඩොල් පිලිස්සීම සඳහා අවශ්‍ය දර සපයා ගැනීමේදී නීතිමය ගැටලු පවතින හෙයින් දර වෙනුවට දහයියා හා ලී කුඩු යොදා ගෙන ගඩොල් පිලිස්සීමට ව්‍යාපෘතිලාභීන් යොමු කිරීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. ජනාධිපතිතුමා සමඟත් මම මේ ගැන සාකච්ඡා කළා. නියෝජ්‍ය ඇමතිතුමා සමඟ කථා කරලා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්නට කියලා එතුමා මට කිව්වා. නියෝජ්‍ය ඇමතිතුමා සමඟ එකතු වෙලා ගඩොල් පිලිස්සීම සඳහා අවශ්‍ය කරන ලී කුඩු ලබා දීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස් කරන්නටත් මම බලාපොරොත්තු වනවා.නියඟය පවතින අවස්ථාවලදී ජලය ලබා ගැනීම සඳහා පොදු ළිං තුනක් ඉදිකිරීම සඳහා මධ්‍යම රජය හා මන්ත්‍රී ප්‍රතිපාදන යොදා ගැනීමට අවස්ථාව සැලසීම. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වලදී ළිං තුනක් ඉදිකිරීමට අවස්ථාවක් සලසා දීම.ගම්මානය අවට වැව්වල පස් ඉවත් කරන අවස්ථාවලදී ව්‍යාපාරය සඳහා පස් ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා අවස්ථාවක් ලබා දීම. එම පසුත් ගඩොල් කර්මාන්තය සඳහා ලබා දෙන්නට අපි බලාපොරොත්තු වනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks