බලන්න

04

E   |     |  

 දිනය: 2019-06-18   පිළිතුර ලබා දී ඇත 

0232/2019: විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පාලනයට යටත් විශ්ව විද්‍යාල : බාහිර උපාධි පාඨමාලා

232/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම විශ්වවිද්‍යාලවල හා ඊට අනුබද්ධ පීඨයන් පිළිබඳව ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iii) එම විශ්වවිද්‍යාලයන්හි හා පීඨයන්හි දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එකී විශ්වවිද්‍යාලයන්හි හා පීඨයන්හි බාහිර උපාධි පාඨමාලා පවත්වා ගෙන යනු ලබන්නේද;

(ii) එක් එක් විශ්වවිද්‍යාලය හා පීඨයෙහි බාහිර උපාධි සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එක් එක් විශ්වවිද්‍යාල සහ පීඨයන් විසින් බාහිර උපාධි පාඨමාලා සඳහා අය කරනු ලබන ගාස්තු වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එක් එක් විශ්වවිද්‍යාල හා පීඨවල බාහිර උපාධි සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් විසින් පාඨමාලා සඳහා ගෙවනු ලබන මුදල් තැන්පත් කරනු ලබන ගිණුම් කවරේද;

(ii) එම මුදල් බැර කරනු ලබන ගිණුම්වල වර්තමානයේ පවතින ශේෂයන් කවරේද;

(iii) එසේ ගිණුම්ගත කළ මුදල්, මුදල් අමාත්‍යාංශයේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක හෝ අධීක්ෂණයට යටත් වන්නේද;

(iv) එසේ නම්, එම ආයතන  කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල 15ක් පාලනය වේ.

(ii) ඔව්.

(ඇමුණුම 1** යටතේ දක්වා ඇත.)

(iii)

(ඇමුණුම 2** යටතේ දක්වා ඇත.)

(ආ) (i) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හැර අනෙක් සියලු විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා පවත්වා ගෙන යනු ලබයි.

(ii) විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා පැවැත්වීම සඳහා වන උපදෙස් කොමිෂන් සභා චක්‍රලේඛ 932 මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, සියලු බාහිර උපාධි පාඨමාලා විවෘත හා දුරස්ථ ඉගෙනුම් ක්‍රම (Open and Distance Modes of Learning) හරහා පිරිනමනු ලබන අතර, බාහිර උපාධි හා අදාළ සියලු කරුණු බාහිර උපාධි පාඨමාලා සහ බාහිර පාඨමාලා ඒකකය (EDECU)/ විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය (CODL)/දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපනය සඳහා මධ්‍යස්ථානය (CDCE) නම් එක් මධ්‍යස්ථානයක්/ඒකකයක් මඟින් සිදු කෙරේ.

(ඇමුණුම 3** යටතේ දක්වා ඇත.)

(iii) (ඇමුණුම 4** යටතේ දක්වා ඇත.)

(ඇ) (i) (ඇමුණුම 5** යටතේ දක්වා ඇත.)

(ii) (ඇමුණුම 5** යටතේ දක්වා ඇත.)

(iii) ඔව්.

(iv) * නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

* විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

* විගණකාධිපති දෙපාර්තමේන්තුව

* සියලු විශ්වවිද්‍යාල

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks