logo

බලන්න

02

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0211/2019: ඒස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීම: විස්තර

211/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලයේ, ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කළ දිනය කවරේද;

             (ii)       එම කාලය තුළ එම බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගත් මිල කොපමණද;

(iii) එම සමස්ත කාලය තුළ ඒස් ඇඹිලිපිටිය බලාගාරය සඳහා ගෙවූ මුළු මුදල කොපමණද;

(iv) එම බලාගාරය සඳහා හිමිකාර සමාගම ආයෝජනය කර ඇති මුළු ‍මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වසර 10ක් විදුලි මිලදී ගැනීමෙන් පසු ගිවිසුම දීර්ඝ කළ දිනය කවරේද;

(ii) ගිවිසුම දීර්ඝ කිරීමට හේතු කවරේද;

(iii) ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම් සභාවේ අනුමතිය ලැබී තිබේද;

(iv) එසේ නම්, එම අනුමතිය සභාගත කරන්නේද;

(v) ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමඟ අත්සන් කළ සියලු ගිවිසුම් සභාගත කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ලංකා විදුලිබල මණ්ඩලය 2005.04.06 දින සිට ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කර ඇත.

              (ii)       කරුණාකර ඇමුණුම 01 බලන්න. 

                         ඇමුණුම 02 හි 15:1 ශීර්ෂය යටතේ ගිවිසුමකට එනවා, නැවත ගන්න කියලා.

             (iii)       එම සම්පූර්ණ කාලය සඳහා ඒස් ඇඹිලිපිටිය බලාගාර‍යට ගෙවන ලද මුළු මුදල ශ්‍රී ලංකා රුපියල් 120,996,861,298.26කි.

(iv) බලාගාරය සතු සමාගම ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 61,155,144.00ක් පමණ වේ.

(ආ) (i) පළමු දීර්ඝ කිරීම 2016.04.06

දෙවන දීර්ඝ කිරීම 2017.03.17

තෙවන දීර්ඝ කිරීම 2018.04.05

(ii) ජාලගත නිෂ්පාදන ධාරිතාවේ හිඟය නිසා.

(iii) ඔව්. 2016.04.06 දින පළමු දීර්ඝ කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මඟින් අනුමැතිය ලබා දී ඇත. විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමෙහි 15.1 වගන්තියට අනුව, පාර්ශ්වයන්ගේ ලිඛිත එකඟතාවකින් හෝ මෙම ගිවිසුමෙහි ප්‍රකාශිත විධිවිධාන අනුව එම කාලය දීර්ඝ කළ හැකිය. ඇමුණුම 02 බලන්න.

(iv) ඔව්. මහජන උපයෝගීතා කොමිෂන් සභාව මඟින් 2016.04.07 දිනැතිව විරෝධතාවක් නොමැති බව දක්වමින් නිකුත් කර ඇති ලිපිය ඇමුණුම 03 වශයෙන් අමුණා ඇත. 

(v) ඔව්. ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමඟ අත්සන් කර ඇති ගිවිසුම් ඇමුණුම 04 වශයෙන් අමුණා ඇත. එහි  පිටු 83ක් පමණ තිබෙනවා. 

(ඇ) අදාළ නොවේ.

ඇමුණුම් සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks