04

E   |     |  

 දිනය: 2019-06-19   පිළිතුර ලබා දී ඇත 

0210/2019: ගාල්ල, ලබුදූව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය: නේවාසිකාගාරය

210/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගාල්ල, ලබුදූව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ මේ වනවිට ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සිසුන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, ඒ කවර ස්ථානයකද;

(iv) ඒ සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;

(v) එම නේවාසිකාගාරය ඉදිකර නිමකිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වන විට සිසුන් 4,553ක් ඉගෙනුම ලබයි.

              (ii)      ඔව්.

             (iii)       ගාල්ල, ලබුදූව, මොරිස් පාර, අංක 275හි පිහිටා ඇති රුපියල් 70,000,000ක් වටිනා පර්චස් 154.76ක් වූ ඉඩමෙහි.

             (iv)       2019 අය වැයෙන් මේ සඳහා මුදල් වෙන් කර නොමැති අතර, 2020 අය වැය මඟින් මුදල් ඉල්ලුම් කිරීමට අපේක්ෂිතය.

(v)  2020 අය වැයෙන් මුදල් අනුමත කර ලැබීමෙන් අනතුරුව, ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණු පසු, වසර දෙකක පමණ කාලයක් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වනු ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks