01

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0206/2019: මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට වෙන් ‍කළ ප්‍රතිපාදන: විස්තර

206/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2017 වර්ෂය සඳහා විසර්ජන පනත මඟින්, පරිපූරක ඇස්තමේන්තු මඟින් හා වෙනත් අතිරේක ප්‍රතිපාදන මඟින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය   වෙත වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) 2017 වර්ෂය තුළ එම අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල කොපමණද;

(iii) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iv) ඉතිරි වූ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;

(v) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2017 වර්ෂය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙත වෙන් කළ ප්‍රතිපාදන පහත පරිදි වේ.

                        විසර්ජන පනත මඟින් වෙන් කළ  ප්‍රතිපාදන               රු. 49,097,766,000.00

                        අතිරේක ප්‍රතිපාදන රු. 266,781,825.00

              (ii)       2017 වර්ෂය තුළ අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල රුපියල් 38,070,147,440.00

(iii) වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස 77%

(iv)  ඉතිරි වූ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය                                 රු. 11,294,400,385.00

(v)   වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස 23% කි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks