පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
203/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂය සඳහා විසර්ජන පනත මඟින්, පරිපූරක ඇස්තමේන්තු මඟින් හා වෙනත් අතිරේක ප්‍රතිපාදන මඟින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කළ මුදල් ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) 2017 වර්ෂය තුළ එම අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල කොපමණද;
(iii) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iv) ඉතිරි වූ මුදල් ප්‍රතිපාදනය කොපමණද;
(v) එය වෙන්කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-16
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2017 වර්ෂය සඳහා විසර්ජන පනත මඟින් වෙන් කළ මුදල රුපියල් පහළොස්දහස් හාරසිය පහළොස් මිලියන විසිදෙදහසයි (රු. 15,415,022,000.00)
පරිපූරක ඇස්තමේන්තු මඟින් වෙන් කළ මුදල රුපියල් විසිහතරදහස් හාරසිය විසිහය මිලියන අටසිය අනූපන්දහස් අටසිය දහහතරයි (රු. 24,426,895,814.00)
වෙන් කළ මුළු මුදල රුපියල් තිස්නවදහස් අටසිය හතලිස්එක් මිලියන නවසිය දහහත්දහස් අටසිය දහහතරයි (රු. 39,841,917,814.00)
(ii) 2017 වර්ෂය තුළ අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල රුපියල් තිස්තුන්දහස් හත්සිය පහළොස් මිලියන දෙසිය තිස්එක්දහස් පන්සිය හැටපහයි (රු. 33,715,231,565.00)
(iii) වෙන් කළ මුළු ප්‍රතිපාදනවලින් වියදම් කළ මුදල ප්‍රතිශතයක් ලෙස සියයට 84.6
(iv) රුපියල් හයදහස් එකසිය විසිහය මිලියන හයසිය අසුහයදහස් දෙසිය හතළිස්නවයයි (රු. 6,126,686,249.00)
2017 වර්ෂයේ ප්‍රතිපාදන ඉතිරිවීමට හේතු
1. ප්‍රසම්පාදන කටයුතු සිදුකර කොන්ත්‍රාත් පිරිනැමීමෙන් පසු කොන්ත්‍රාත්තුව පිරිනමන ලද කොන්ත්‍රාත්කරුවන්ගෙන් අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට නොහැකි වීම
2. විදේශ අරමුදල් සපයන ව්‍යාපෘති මඟින් ක්‍රියාවට නැංවීමට නියමිත ව්‍යාපෘතිවලට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේදී සිදු වු ප්‍රමාදය මත නියමිත කාලරාමුව තුළ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නොහැකි වීම.
3. නාගරික සංවර්ධන අධිකාරිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් අයිකොනින් ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වෙන් කළ මුදල් එම ව්‍යාපෘතිය සඳහා යොදා නොගැනීම. (අමාත්‍ය මණ්ඩලය මඟින් ගන්නා ලද තීරණයක් මත)
4. 2017 වර්ෂයේ මැද භාගයේදී බස්නාහිර පළාත් මහා නගර සැලසුම් ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම.
5. 2017 වර්ෂය අවසානයට ව්‍යාපෘති ක්‍රියාත්මත කර ලැබූ බිල්පත් සියල්ල පියවීමට භාණ්ඩාගාරයෙන් අක් මුදල් ලබා ගැනීමට කාලයක් නොමැති වීම.
(v) වෙන් කළ ප්‍රතිපාදනවලින් ඉතිරි වු ප්‍රතිපාදන ප්‍රතිශතයක් ලෙස සියයට 15.4යි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks