01

E   |     |  

 දිනය: 2019-03-14   පිළිතුර ලබා දී ඇත 

0200/2019: 2017 සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන : විස්තර

200/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017 වර්ෂය සඳහා විසර්ජන පනත මඟින්, පරිපූරක ඇස්තමේන්තු මඟින් හා වෙනත් අතිරේක ප්‍රතිපාදන මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) 2017 වර්ෂය තුළ එම අමාත්‍යාංශය මඟින් වියදම් කළ මුළු මුදල කොපමණද;

(iii) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iv) ඉතිරි වූ ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;

(v) එය වෙන් කළ මුළු ප්‍රතිපාදනවල ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-14

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) ඇමුණුම් 01හි දක්වා ඇත.

(ii) 2017 වර්ෂයේ මුළු වියදම රුපියල් 76,761,776,259කි. (රුපියල් මිලියන 76,761.77කි)

පුනරාවර්තන

(රුපියල්)

49,138,859,129.00 (රුපියල් මිලියන 49,138.85)

මූලධන

27,622,917,130.00 (රුපියල් මිලියන 27,622.91)

මුළු වියදම

76,761,776,259.00 (රුපියල් මිලියන 76,761.77)

(iii) සියයට 71.36කි.

(iv) රුපියල් 30,800,699,741.00කි. (රුපියල් මිලියන 30,800.70)

(v) ඔව්. සියයට 28.64කි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks