01

E   |     |  

 දිනය: 2019-03-13   පිළිතුර ලබා දී ඇත 

0198/2019: ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල: නඩත්තු වියදම්

198/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      විදේශයන්හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2017 වර්ෂයේදී වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) වර්ෂ 2013 සිට 2017 දක්වා විදේශ දූත මණ්ඩල කාර්යාල නඩත්තු කිරීම වෙනුවෙන් වියදම් කළ මුළු මුදල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-13

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණඩල කාර්යාල සංඛ්‍යාව 67කි.

(ii) ඇමුණුම 01* ලෙස ඉදිරිපත් කරමි.

(iii) ශ්‍රී.ලං. රුපියල් 38,678,103,000.00 (විස්තර ඇමුණුම් අංක 02* ලෙස ඉදිරිපත් කර ඇත.)

(ආ) පැන නොනඟී..

පිළිතුරු දුන් දිනය

2019-03-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තිලක් මාරපන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks