01

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0157/2019: ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඉන්ධන පිරවුම්හල්: විස්තර

157/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ලංකා ගමනාගමන මණ්ඩලය සතුව පවතින ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම පිරවුම්හල්වල ලිපිනයන් කවරේද;

           (iii)      2010 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් පිරවුම්හලින් ලැබුණු ආදායම, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉදිරියේදී, ලංකා ගමනාගමන මණ්ඩලය සතු පිරවුම්හල් සංඛ්‍යාව වැඩි කිරීමට  අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඩිපෝ තුළ පවතින ඉන්ධන පිරවුම් හල් සංඛ්‍යාව 109යි.

                        බාහිර පුද්ගලයන් සඳහා නිකුත් කරන ඉන්ධන පොළවල් සංඛ්‍යාව 02යි.

              (ii)      ශ්‍රීලංගම ඉන්ධන පිරවුම් පොළ, ගාලු පාර, රත්මලාන.

                        ශ්‍රී ලංකා ඉන්ධන පිරවුම් පොළ, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, ඔරුගොඩවත්ත.

             (iii)      2010 හා 2011 වර්ෂයන්හි -පසුගිය රජය කාලයේ- ආදායම් පිළිබඳ විස්තර ලැබී නැහැ.

 

අනු අංකය

වසර

රත්මලාන ඉන්ධන පිරවුම් පොළ ආදායම වාර්ෂිකව (රුපියල්)

ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම් පොළ ආදායම වාර්ෂිකව (රුපියල්)

01

2012

283,788,587.20

322,851,232.82

02

2013

466,910,533.22

433,431,807.78

03

2014

409,334,096.11

488,330,065.89

04

2015

320,682,451.38

390,104,857.62

05

2016

324,788,169.09

363,836,276.91

06

2017

378,904,981.30

518,759,180.70

07

2018

332,425,455.29

*3,349,935.71

 (*2018 වර්ෂයේ අගෝස්තු මස සිට ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල නවීකරණය කරමින් පැවතීම, එහි ආදායම අඩුවීම කෙරෙහි බලපා ඇත.)

 (iv) ඔව්.

ඉදිරියේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු, බාහිර පාර්ශ්වයන්ට ද ඉන්ධන අළෙවි කළ හැකි පිරවුම්හල් ගණන 42ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර, පහතින් දැක්වෙන ඩිපෝ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් පවතී.

වලපනේ, කඩවත, මඩකළපුව, ඇඹිලිපිටිය, බදුල්ල, ගම්පොල, නිට්ටඹුව යන ඩිපෝ හත සඳහා විශේෂයෙන්ම ඛනිජ තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks