පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
156/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමා විසින් ඌව පළාතේ ඌන සංවර්ධිත ගම්මාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතියේ අරමුණු කවරේද;
(iii) දැනට එම ව්‍යාපෘතියට තෝරාගෙන ඇති ගම්මාන කවරේද;
(iv) මේ වනවිට එම එක් එක් ගම්මානය දියුණු කිරීමට ආරම්භ කර ඇති ව්‍යාපෘති කවරේද;
(v) අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ලබාගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා ගෙවන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
(vi) ටෙන්ඩර් ලබාදීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) විශේෂ අවශ්‍යතා සහිත ගම්මාන තුළ හා එවැනි ගම්මාන යා කරන මාර්ග සංවර්ධනය කිරීම, නාගරික හා උප නාගරික වෙළෙඳ පොළ වෙත යොමු කරන ග්‍රාමීය නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම, කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයේදී සිදුවන, පසු අස්වනු හානිය අවම කිරීම හා එම ගම්මානවල ජීවත්වන දරුවන් හට පෞද්ගලික හා රාජ්‍ය ආයතනයන් මඟින් අධ්‍යාපන අවස්ථාවන්ට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම, නිවාස තනා ගැනීම සඳහා අමු ද්‍රව්‍ය ප්‍රවාහනය පහසු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ.
(iii) පල්ලේකිරුව, උඩකිරුව, මීගහයාය, වෙහෙරගල, පැල්වත්ත, අඹගස්දෝව, අක්කරසීය, කුමාරතැන්න, කහටරුප්ප, වැල්ගොල්ල, ඇල්ලේඅරාව, පීස්සගම, නමුණුකුල, කිතල්ඇල්ල, නාවුල්ල, නහවිලවත්ත, වෙල්සි, බැද්දේවෙල, අඹදන්ඩේගම, දඹගොල්ල, විහාරගලපතන, ක්‍රෙග්වත්ත, පිං අරාව පතන, ලියන්ගහවෙල, ලුණුවත්ත, නහකඩිය, පොල්ගස්වත්ත, මාරගහ- ඇල්ල, ගඩාදෙහිගොල්ල, කොළොන්ගස්පිටිය, මඩුගස්තලාව, මාවුස්සාගොල්ල, අලුත්වෙලගම, කොටුගහතැන්න, අත්තනගොල්ල, ස්වින්ටන් පාස්රෝස්, කෙහෙල්අත්තරාව, වැටකේවැව, සූරියගොඩ, අරවාකුඹුර, කින්නරබෝව, ඇතුන්දැමුවාව, කොට්ටල්බැද්ද, නාරංගස්වත්ත, මහතැන්න, උඩකන්ද, බෙරාමඩ, අලුත්තරම, බෙලගන්වැව, පොටාවයාය, විරාණගම, ඌවතිස්සගම, කරාඩුගල, හෙවෙල්වත්ත, අඹවත්ත, දොඩම්ගොඩ, මාගන්දනමුල්ල, දෙගල්අරාව, වටමඩ, තලගහවත්ත, පුහුල්කොටුව, වෙහෙරගල, වාසිපන, මීගහයාය, මිල්ලගහවත්ත, පහන්සිළුගම, ඉඹුල්ගොඩ, කෝට්ටගොඩ, පහළ කඳුරුගමුව, ගෝවුස්ස, ලියන්ගොල්ල, මාතැටිල්ල, බෙලිපොල, මධුරගම, කිරින්ද වලස්බැද්ද, දියනිල්ලදෝව, නාගොල්ල, බැද්දේකුඹුර, අක්කර 53 කැටවත්ත, මීරියබැද්ද, දඹේවෙල, මාළිගාතැන්න, උඩුවර 06 කණුව, මැටිගහතැන්න බකිණිලන්ද, කරගස්තැන්න, කුරුකුදේගම, කැන්දගොල්ල, ගල උඩ 10 කණුව, වැරැල්ලගොල්ල, වැල්කැලේ, ඇල්ලන්ද, ආඬිගල, පන්නලවෙල, බෝපිටිය, ඇල්හේන්පිටිය, උඩගම, රොටලවෙල, ගිනිගත්ගල, ඕතුඹේවත්ත, බඹරගලවත්ත, ගැරඩි ඇල්ල, මොණරුංගල කමත්ගොඩ, ගොඩුන්න, දික්පිටිය, පුස්සැල්ලාකන්ද, පිටපොල, වත්තේකැලේ, දරගල, සපුගොල්ල, යහලඅරාව, මිල්ලවත්ත, අඹේගොඩ, වැලිබිස්ස, සීලතැන්න, දඹගස්මණ්ඩිය, ඇකිරියන්කුඹුර, කෙසෙල්පොත, දෙහිගම, හෙට්ටිපොළ, ලියන්ගහවෙල, විහාරමුල්ල, හුලංදාව, මාගන්දනමුල්ල, මදුරුකැටිය, ඇත්තලාමුල්ල, රනුගල්ල, පරගස්මංකඩ, නිල්ගල, පුහුල්කොටුව, කනේගලමුල්ල, හබරත්තාව, කිරිඉබ්බන්ආර, හම්බේගමුව ජනපදය, ඔබ්බේගොඩ, ඉඳිගස්ඇල්ල, පිටමාරුව ආදී ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනයට (මෙම ගම්මානවලට ප්‍රවේශ පහසුකම් සැපයීමට අදාළව) අදාළ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇත.
(iv) ඇමුණුම 01 යටතේ දක්වා ඇත. ඇමුණුම 01 සභාගත* කරමි.
(v) ඇමුණුම 02 යටතේ දක්වා ඇත. ඇමුණුම 02සභාගත* කරමි.
(vi) රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇත. ඇමුණුම 02හි එක් එක් කර්මාන්තවල සඳහන් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks