පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
155/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට හානි සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ගැනෙන කරුණු සම්බන්ධයෙන් සහන ලබා දීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) ඔව්.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇත්තේ එම ව්‍යාපෘතිය අයත් වන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ය. මෙම සහන කටයුතු සැලසීම සම්බන්ධයෙන් 2017.07.10 දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව මේ සඳහා සෘජු මැදිහත්වීම දිස්ත්‍රික් ලේකම් වෙත පවරා ඇත. 2017.07.18 දිනැති හා අමප/17/1553/704/025 අංක දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත නිදහස් කර ඇත.
මූලික තොරතුරු - 2019.07.17 දිනට,
|
හානියට පත් නිවාස සංඛ්‍යාව |
9,036 |
|
තක්සේරුවට යොමු කර ඇති සංඛ්‍යාව |
8,626 |
|
තක්සේරු කර ඇති නිවාස සංඛ්‍යාව |
8,385 |
|
ලැබී ඇති තක්සේරුවෙන්, හානි නොවූ නිවාස අඩු කිරීම |
(375) |
|
ගෙවීම් කිරීමට සුදුසු තක්සේරු වාර්තා සංඛ්‍යාව |
8,010 |
මෙම හානි අතරින්,
වන්දි ගෙවන ලද සංඛ්‍යාව - පූර්ණ වන්දි - 172
ප්‍රතිසංස්කරණ වන්දි - 7,047
එකතුව - 7,219
මෙම නිවාස 7,219 සඳහා රුපියල් මිලියන 1,044.2 වන්දි ගෙවීම් සිදු කර ඇත. ඇමුණුමෙහි සඳහන් කර ඇත. අමුණුම සභාගත* කරමි.
එමෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ ව්‍යාපෘතිය අයත් ෆරාබ් සමාගම වෙතින් නිවාස 348ක් සඳහා රුපියල් මිලියන 42.1ක් නිවාස කුලිය ලෙස ගෙවා ඇත.
අංක අමප/17/1553/704/025 හා 2017.07.18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එකී අමාත්‍ය මණ්ඩල සංදේශයෙහි කඩිනමින් ඉටු කළ යුතු අනුඅංක 21ක් යටතේ වන ක්‍රියාකාරකම් සඳහන් කර ඇති අතර ඒවා පහත පරිදි වේ.
මෙම ව්‍යාපෘතිය භාර රේඛීය අමාත්‍යාංශය ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කටයුතු කරනු ලබන අතර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතු බදුල්ල දිස්ත්‍රික් ලේකම් විසින් සිදු කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks