01

E   |     |  

 දිනය: 2019-07-24   පිළිතුර ලබා දී ඇත 

0152/2019: පළාත් සභාවලින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය: ගනු ලබන පියවර

152/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැළිකසළ කළමනාකරණය යන විෂය පළාත් සභා යටතේ එන විෂයයක් බව දන්නේද;

             (ii)       එසේ නම්, පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වෙනම ආයතන ස්ථාපිත කර ඇති පළාත් සභා කවරේද;

(iii) එසේ විශේෂිත ආයතනයක් පිහිටුවා නොමැති පළාත් සභා කවරේද;

(iv) එසේ ආයතනයක් පිහිටුවා නොමැති පළාත් සභාවල සුවිශේෂී ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      බස්නාහිර පළාත් සභාව - බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය.

             (iii)      බස්නාහිර පළාත් සභාව හැර ඉතිරි පළාත් සභා අටෙහිම විශේෂිත ආයතන පිහිටුවා නොමැත.

                        (වයඹ පළාත් සභාව, ඌව පළාත් සභාව, දකුණු පළාත් සභාව, සබරගමුව පළාත් සභාව, මධ්‍යම පළාත් සභාව, උතුරු මැද පළාත් සභාව, නැ‍ඟෙනහිර පළාත් සභාව, උතුරු පළාත් සභාව)

(iv) මෙම අමාත්‍යාංශය යටතේ ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියක් ස්ථාපිත කර ඒ යටතේ පළාත් සභාවල අධිකාරි නියාමනය කිරීමට අපේක්ෂිතය. ජාතික අධිකාරියක් ස්ථාපිත කිරීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks