පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
149/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා යල හා මහ කන්නවලදී වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගත් වී ප්‍රමාණය, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එසේ මිලදී ගත් වී අතරින් සහල් බවට පත් කර දේශීය වෙළෙඳපොළට ඉදිරිපත් කළ සහල් ප්‍රමාණය කොපමණද;
(iii) එම කාලසීමාව තුළ සත්ව ආහාර සඳහා වී අලෙවි කර තිබේ නම්, එසේ වී මිලදී ගත් පුද්ගලයන්ගේ හා ආයතනවල නම් සහ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කරමි. (ඇමුණුම 01 සභාගත* කරමි.)
(ii) ඇමුණුම 02 හි දැක්වේ.
(ඇමුණුම 02)
|
සහල් වර්ගය |
ප්‍රමාණය (කිලෝග්‍රෑම්) |
|
සුදු කැකුළු |
7,585 |
|
රතු කැකුළු |
4,425 |
|
රතු නාඩු |
2,092 |
|
ගෝල්ඩන් රයිස් |
61,024 |
|
මුළු ප්‍රමාණය |
75,126 |
(iii) ඇමුණුම 03 හි දැක්වේ.
සත්ව ආහාර සඳහා වී තොග නිකුත් කිරීම වී අලෙවි මණ්ඩලය
(ඇමුණුම 03)
|
අනු අංකය |
වී මිලදී ගැනීම සිදු කළ සමාගමේ නම |
කිලෝග්‍රෑම් එකක විකුණුම් මිල රු. |
|
1 |
ෆෝචූන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම |
24.00 |
|
2 |
සී අයි සී ෆීඩ්ස් (පුද්) සමාගම |
24.00 |
|
3 |
පුස්සැල්ල මීට් ප්‍රඩියුසර්ස් (පුද්) සමාගම |
24.00 |
|
4 |
සිලෝන් ග්රේන් එලිවේටර්ස් සමාගම |
24.00 |
|
5 |
නිව් හෝප් ලංකා සමාගම |
24.00 |
|
6 |
ගෝල්ඩ් කොයින් ලංකා සමාගම |
24.00 |
|
7 |
ආරෝග්‍යා ෆාම් (පුද්) සමාගම |
24.00 |
|
8 |
සුපර් ෆීඩ් (පුද්) සමාගම |
24.00 |
|
9 |
නෙල්නා ෆාම් (පුද්) සමාගම |
24.00 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks