පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
143/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ කැළිකසළ සම්බන්ධව කටයුතු කරන ආයතන තිබේද;
(ii) එසේ නම්, එම ආයතනවල නම් හා ලිපිනයන් කවරේද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා එම ආයතනවල නිලධාරින් කැළිකසළ කළමනාකරණය සම්බන්ධව පුහුණු වැඩසටහන්වලට සහභාගී වී තිබේද;
(iv) එසේ නම්, ඒ සඳහා සහභාගී වූ නිලධාරින්ගේ නම්, තනතුරු, වැඩමුළු පැවැති නගර හා වැය කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) එසේ විදේශ පුහුණු ලැබූ නිලධාරින්ගේ දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන කැළිකසළ කළමනාකරණය සඳහා අමාත්‍යාංශය ගත් පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ආයතනයේ නම :
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය,
05 වන මහල, සෙත්සිරිපාය පළමු අදියර - "A" කොටස, බත්තරමුල්ල.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව,
අංක 03, ශ්‍රී ජයවර්ධන පුර මාවත,
වැලිකඩ, රාජගිරිය.
(iii) මෙම අමාත්‍යාංශය 2015 වර්ෂයේ මැයි මාසයේදී ස්ථාපිත කරන ලදී. නාගරික ඝන අපද්‍රව්‍ය සම්බන්ධව තිරසර විසඳුමක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමේ අරමුණින් අවශ්‍ය යන්ත්‍ර හා පිරියත හා අනෙකුත් යටිතල පහසුකම් ස්ථාපිත කිරීම, නිශ්චිත ක්‍රමවේද හඳුන්වාදීම සහ සනීපාරක්ෂක කසළ පිරවුම් අංගනයක් ඉදිකිරීම සඳහා බස්නාහිර කලාප ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. එයට හේතුව, 2016 පෙබරවාරි මාසයේදී පුත්තලම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතව තිබූ කසළ අංගනය සම්බන්ධයෙන් පරිසර වාර්තාව ප්‍රතික්ෂේප වීම නිසා ඇති වූ තත්ත්වය මත නව විසඳුම් සොයා ගැනීම සඳහා ය. එමෙන්ම ඒ අවස්ථාවේදී කසළින් විදුලිය නිපදවීම පිළිබඳ ව්‍යාපෘති අධ්‍යයනය කිරීමද අප අමාත්‍යාංශයටම පැවරුණි.
2017 වර්ෂයේ අප්‍රේල් මස 14 දින මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් පසු කොළඹ නාගරික ප්‍රදේශය තුළ කැළි කසළ බැහැර කිරීමේදී ඇති වූ ගැටලු සඳහා මැදිහත් වන ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට 2017 ජූලි මාසයේ කෙරුණු ඉල්ලීම මත ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් තාවකාලික විසඳුමක් වශයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේ කසළ අංගනයක් ඉදිකර කොම්පෝස්ට් පොහොර නිපදවීමට කටයුතු කිරීමෙන් එවකට උග්‍රව පැවති මහ කොළඹ නාගරික ප්‍රදේශයේ කසළ අපහරණ ගැටලු සඳහා තාවකාලික විසඳුමක් ලබාදීමට මැදිහත් විය.
ඒ අනුව, මෙම අමාත්‍යාංශය විසින් කැළි කසළ කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳ මැදිහත් වූයේ 2017 වර්ෂයේ සිට වන අතර, ඒ සඳහා නිලධාරින්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කර ඇත.
(v) මෙම වැඩසටහන් සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු හා සම්බන්ධ නිලධාරින් සහභාගි වී ඇත. එම වැඩසටහන් මඟින් ලබාගත් දැනුම හා අත්දැකීම් පුත්තලම අරුවක්කාලු හි ඉදිකරමින් පවතින සනීපාරක්ෂක කසළ රඳවනය, කැලණිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින කසළ හුවමාරු මධ්‍යස්ථානය සහ බස්නාහිර පළාත තුළ ඉදිකෙරෙමින් පවතින කසළවලින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රයෝජනවත් වේ.
තවද, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය පිළිබඳව ප්‍රදේශවාසින්, සිවිල් සංවිධාන, උනන්දුවක් දක්වන විවිධ කණ්ඩායම් සහ මහජනයා දැනුවත් කිරීමටත් උක්ත දැනුම හා අත්දැකීම් උපයෝගි කර ගන්නා ලදී. තවද ගෘහ ඒකක මඟින් ජනනය කෙරෙන කැළි කසළ ප්‍රමාණය අවම කිරීමට සහ නැවත නැවත භාවිත කළ හැකි දෑ ප්‍රවර්ධනය කිරීමෙන් ගෘහස්ත මට්ටමින් ලබාදිය හැකි විසඳුම් ලබාදීමටත්, කසළ වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීකරණය සඳහා සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් කසළ සම්පතක් ලෙස භාවිත කිරීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන 3R වැඩසටහන මඟින් කටයුතු කර ඇත. මේ යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් 30ක් මේ වනවිට පවත්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks