පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
135/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණික විෂය ධාරාවෙන් පංති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) දැනට බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිටින තාක්ෂණික විෂය උගන්වන ගුරුවරයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන්ගේ නම් හා දැනට සේවයේ නිරතව සිටින පාසල් කවරේද;
(v) ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සිසුන් අතර තාක්ෂණික විෂය ප්‍රචලිත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-25
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
අ) (i) පාසල් 22කි. (ජාතික පාසල් 14ක් සහ පළාත් පාසල් 8කි.)
(ii) ජාතික පාසල්
01. මහියංගණය ජාතික පාසල, මහියංගණය
02. මීගහකිවුල ජාතික පාසල, මීගහකිවුල
03. කන්දේගෙදර ජාතික පාසල, හැලිඇල
04. ශ්‍රී ජනානන්ද ජාතික පාසල, කදුරුගමුව, දියතලාව
05. හල්පේ ජාතික පාසල, හෙල හල්පේ
06. බ/ධර්මදූත ජාතික පාසල, බදුල්ල
07. පස්සර මධ්‍ය මහා විද්‍යාලය, පස්සර
08. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල
09. විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල
10. වල්හපුතැන්න මධ්‍ය මහා විද්‍යාලය, වල්හපුතැන්න, හලුදුම්මුල්ල
11. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, වැලිමඩ
12. ලූණුවත්ත මධ්‍ය මහා විද්‍යාලය, ලූණුවත්ත
13. සරස්වතී මධ්‍ය විද්‍යාලය, බදුල්ල
14. පස්සර දෙමළ මධ්‍ය මහා විද්‍යාලය, පස්සර
පළාත් පාසල්
01. මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය, මලිත්ත, පට්ටියගෙදර
02. ධර්මපාල මහා විද්‍යාලය, බණ්ඩාරවෙල
03. ධර්මාශෝක මහා විද්‍යාලය, බණ්ඩාරවෙල
04. ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය, අඹගස්දෝව, වැලිමඩ
05. හපුතලේ දෙමළ මාධ්‍ය මහා විද්‍යාලය, හපුතලේ
06. කැප්පෙටිපොල මහා විද්‍යාලය, කැප්පෙටිපොල
07. ලූණුගල මහා විද්‍යාලය, ලූණුගල
08. ශ්‍රී දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලය, මිරහාවත්ත
(iii) ඉංජිනේරු තාක්ෂණවේදය - 29
ජෛව පද්ධති තාක්ෂණවේදය - 28
තාක්ෂණය සඳහා විද්‍යාව - 33
එකතුව 90
(iv) ඉංජිනේරු තාක්ෂණවේදය - ඇමුණුම 01
ජෛව පද්ධති තාක්ෂණවේදය - ඇමුණුම 02
තාක්ෂණය සඳහා විද්‍යාව - ඇමුණුම 03
(ඇමුණුම් සභාගත* කරමි.)
(v) ඔව්.
බදුල්ල දිස්ත්‍රික්කයේ අපොස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව ක්‍රියාත්මක සියලුම පාසල්වල තාක්ෂණික පීඨයන්හි විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ක්ෂය ද්‍රව්‍ය, ආයුධ සහ සුළු උපකරණ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන වෙන්කර දෙනු ලැබේ. එක් එක් පාසලේ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සහ පෙර වසරේ ලබාදුන් ප්‍රතිපාදන උපයෝජනය පදනම් කරගෙන පාසලකට රුපියල් 20,000.00ක (රුපියල් විසිදහසක) අවමයක් සහ රුපියල් 90,000.00ක (රුපියල් අනූදහසක) උපරිමයකට යටත්ව ප්‍රතිපාදන ලබාදීම වාර්ෂිකව අඛණ්ඩව සිදු කෙරේ.
රොබෝ තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව පාසල් දරුවන් සහ ගුරුභවතුන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
සිසුන් සඳහා සිවිල් යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය විෂයයන්ට අවශ්‍ය අතිරේක පුහුණුවීම් ලබාදීමට සැලසුම් කර ඇත.
තාක්ෂණවේදය ගුරු භවතුන් සඳහා න්‍යාය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් ගුරු පුහුණු වැඩසටහන්, පාසලේ විෂය ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි පැවැත්වීම අඛණ්ඩව සිදු කිරීම මඟින් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ප්‍රශස්තව සිදු කිරීමට අවශ්‍ය පසු බිම නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks