පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
133/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් අතරින් තාක්ෂණික විද්‍යාගාර පහසුකම් ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ සිසුන්ගේ තාක්ෂණික දැනුම වැඩි කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 53කි.
(ii) ඇමුණුම 1හි ඇතුළත් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii) ඔව්. අපොස (උසස් පෙළ) තාක්ෂණ විෂය ධාරාව සම්බන්ධයෙන් 2017 වර්ෂය තුළ ඌව පළාත ද ඇතුළත්ව, අවශ්‍යතා පාදකව ඉංජිනේරු තාක්ෂණවේදය ගුරු පුහුණු වැඩසටහන් 42ක් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වා ඇත.
- බදුල්ල දිස්ත්‍රික්කයේ අපොස (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව ක්‍රියාත්මක සියලුම පාසල්හි තාක්ෂණික පීඨයන්හි විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ක්ෂය ද්‍රව්‍ය, ආයුධ සහ සුළු උපකරණ මිලදී ගැනීම සඳහා එක් පාසලකට රුපියල් 110,000 බැගින් ප්‍රතිපාදන දී ඇත.
- මීට අමතරව 2018 වර්ෂය සඳහාද ශිල්ප කලා ගුරු පුහුණු වැඩසටහන් වෙනුවෙන් එක් පාසලකට රුපියල් 150,000 බැගින් වෙන් කර ඇත.
- තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන තාක්ෂණික විද්‍යා පීඨ 15ක් ඌව පළාතේ පාසල්වල ආරම්භ කර ඇත. එය ඇමුණුම 2 මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks