01

E   |     |  

 දිනය: 2019-03-16   පිළිතුර ලබා දී ඇත 

0132/2019: ලුණුගල බේසම්වල ප්‍රදේශය: පරිසර දූෂණය

132/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ “ලුණුගල බේසම්වල” නමින් සංචාරක අවධානයක් දිනාගත් ප්‍රදේශයක් තිබෙන බවත්;

(ii) එම ස්ථානය හා එම ස්ථානය අවට දැඩි පරිසර දූෂණයකට ලක් වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එම ස්ථානයේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-16

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)      මෙම ප්‍රදේශයට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන අතර, ඔවුන් බැහැර කරන අපද්‍රව්‍යවලින් අවට පරිසරයට හානි සිදු වන බවත්, ඒ නිසා පාරිසරික ගැටලු රැසක් මතු වී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

(ආ)     බේසම්වල නම් ප්‍රදේශය සංචාරය සඳහා සුදුසු ස්ථානයක් වශයෙන් දියුණු කළ හැකි බැවින්, එම ස්ථානය තිරසරව භාවිතය සහ සංරක්ෂණය සඳහා පහත යෝජනා ක්‍රියාත්මකකොට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටත්, ආරක්ෂිතව නැරඹීම සඳහා සංවර්ධනය කිරීමටත්, අවිධිමත් කසළ බැහැර කිරීම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණුගල ප්‍රාදේශීය

 

සභාවට සහ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයට දන්වා යැවීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු කර ඇත.

යෝජනා

බේසම්වල නාන ස්ථානයට ළඟා වීම සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සකස් කිරීම.

මෙම ස්ථානය කසළින් තොර ස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

මෙම ස්ථානයේ මද්‍යසාර භාවිතය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

ඉහත ක්‍රියාමාර්ග ගැනීම සඳහා තාවකාලික මුර කුටියක් මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමටත්, බේසම්වල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය උපදෙස් මාලාව  ඒ ස්ථානයේ ප්‍රදර්ශනය කිරීම.

මෙම ක්‍රියාමාර්ග ගනිමින් පරිසර දූෂණය අවම කිරීමට කටයුතු කිරීම ලුණුගල ප්‍රාදේශීය සභාව සතු වගකීමක් වේ.

(ඇ) පැන‍ නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks