01

E   |   த   |  

 දිනය: 2019-03-21   පිළිතුර ලබා දී ඇත 

0123/2019: අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර: බදුල්ල දිස්ත්‍රික්කය

123/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සමෘද්ධි වැඩසටහන යටතේ අඩු ආදායම් පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;

            (ii)       එසේ නම්, යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව, එම නිවාස ආධාර ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ වැඩි නිවාස ආධාර ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්. දිරිය පියස සහ සමෘද්ධි නිවාස ලොතරැයි වශයෙන් නිවාස වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වේ.

                         දිරිය පියස වැඩසටහන අඩු ආදායම්ලාභි පවුල් සඳහා 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර, 2018 වර්ෂයේ සිට ප්‍රතිලාභියෙකු සඳහා රුපියල් ලක්ෂ 2 බැගින් ප්‍රදානය කෙරේ.

                         සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහන 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් සමෘද්ධිලාභියකු බැගින් මසකට ත්‍යාගලාභින් 331 දෙනෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් ලබා දේ.

(ii) 1. දිරිය පියස නිවාස වැඩසටහන

* සාරාංශ ලේඛනය (ඇමුණුම 1)

* නිවාස ආධාර ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් (ඇමුණුම 2 සිට 2(o) දක්වා)

2. සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහන

* සාරාංශ ලේඛනය (ඇමුණුම 3)

* නිවාස ලොතරැයි ජයග්‍රාහී නාම ලේඛනය. (ඇමුණුම 4-1 සිට 4-40 දක්වා)

ඇමුණුම් සභාගත* කරමි.

(iii) බදුල්ල දිස්ත්‍රික්කයට වැඩි නිවාස ප්‍රමාණයක් අවශ්‍ය බව දනිමි. බදුල්ල දිස්ත්‍රික්කය ද ඇතුළත්ව සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උපරිම ප්‍රමාණයෙන් නිවාස ආධාර ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks