01

E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0119/2019: වැවිලි සමාගම් : බදුල්ල දිස්ත්‍රික්කය

119/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන වතු වැවිලි සමාගම් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම සමාගම්වල නම් හා ලිපිනයන් කවරේද;

           (iii)      එක් එක් සමාගම සතු මුළු භූමි ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එක් එක් සමාගමෙහි වැවිලි කටයුතුවල නිරතවන මුළු සේවක සංඛ්‍යාව, තනතුරු අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) වැවිලි ක්‍ෂෙත්‍රයේ නිරතවූවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැවිලි සමාගම් ගෙන ඇති පියවර කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය වැවිලි සමාගම් 08 (අට) කි.

              (ii)      එම සමාගම්වල නම් හා ලිපිනයන්  පහත පරිදි වේ.

අනු අංකය

නම

ලිපිනය

01

අගරපතන වැවිලි සමාගම

53 1/1, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01.

02

බලංගොඩ වැවිලි සමාගම

තැ.පෙ.06, ෆාම් වත්ත, රත්නපුර

03

හපුගස්තැන්න වැවිලි සමාගම

95 ඒ, නාඹපාන, ඉංගිරිය

04

කෑගල්ල වැවිලි සමාගම

310, හයිලෙවල් පාර, මහරගම

05

මදුල්සිමා වැවිලි සමාගම

හිගුරුගම සංකීර්ණය, බදුල්ල

06

මල්වත්ත වැලි වැවිලි සමාගම

280, ඩෑම් වීදිය, කොළඹ 12

07

මස්කෙළිය වැවිලි සමාගම

310, හයිලෙවල් පාර, මහරගම

08

නමුනුකුල වැවිලි සමාගම

310, හයිලෙවල් පාර, මහරගම

             (iii)      එක් එක් සමාගම සතු මුළු භූමි ප්‍රමාණය පහත පරිදි වේ.

නම

මුළු ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර)

අගරපතන වැවිලි සමාගම

6,081.45 (හයදහස් අසූඑකයි දශම හතරයි පහ)

බලංගොඩ වැවිලි සමාගම

12,030.87 (දොළොස්දහස් තිහයි දශම අටයි හත)

හපුගස්තැන්න වැවිලි සමාගම

15,580.49 (පහළොස්දහස් පන්සිය අසූවයි දශම හතරයි නවය

කෑගල්ල වැවිලි සමාගම

9,756.73 (නවදහස් හත්සිය පණස්හයයි දශම හතයි තුන)

මදුල්සිමා වැවිලි සමාගම

3,571.86 (තුන්දහස් පන්සිය හැත්තෑඑකයි දශම අටයි හය)

මල්වත්ත වැලි වැවිලි සමාගම

11,315.04 (එකොළොස්දහස් තුන්සිය පහළොවයි දශම බින්දුවයි හතර)

මස්කෙළිය වැවිලි සමාගම

10,561.33 (දහදහස් පන්සිය හැටඑකයි දශම තුනයි තුන)

නමුනුකුල වැවිලි සමාගම

11,779.05 (එකොළොස්දහස් හත්සිය හැත්තෑනවයයි දශම බින්දුවයි පහ)

(iv) එක් එක් සමාගමෙහි මුළු සේවක සංඛ්‍යාව ඇමුණුම 01* මඟින් ඉදිරිපත් කරමි.

(v) වැවිලි ක්‍ෂෙත්‍රයේ නිරත වූවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැවිලි සමාගම් ගෙන ඇති පියවර 

1. නිවාස පහසුකම්

* නිවාස ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කිරීම

* ලැයිම් කාමරවල වහල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම

2. සනීපාරක්ෂක හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීම.

* වැසිකිළි පහසුකම්

* ජල පහසුකම්

* ප්‍රජා මධ්‍යස්ථාන හා සංස්කෘතික මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම.

*  මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම.

3.  ළමා හා මාතෘ රැකවරණ මධ්‍යස්ථාන ඇති කිරීම.

* ළමා සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම.

*  ගර්භණී දීමනා ලබා දීම.

* දරුවන් සඳහා ප්‍රමාණවත් ආහාර හා ත්‍රිපෝෂ ලබා දීම.

4. රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීම.

* රක්ෂණ පහසුකම් ලබා දීම

* කම්කරුවන් සඳහා ආරක්ෂිත උපකරණ හා නිල ඇඳුම් ලබා දීම.

5. පුහුණු හා උපදේශන වැඩසටහන් පැවැත්වීම.

* මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන් පැවැත්වීම.

* මුඛ පිළිකා, එච්.අයි.වී, පෝෂණ ඌනතාව ආදිය පිළිබඳව දැනුවත් කිරීම්.

* ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

6. ණය පහසුකම් ලබා දීම

* නිවාස අලුත්වැඩියා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, විදුලිය ලබා ගැනීම, ස්වයං රැකියා ආදිය සඳහා ණය ලබා දීම.

* කම්කරුවන්ගේ දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

7. වෙනත් පහසුකම්

*  නිවාසවලට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට සහාය වීම.

* වාර්ෂික විනෝද චාරිකා, ක්‍රීඩා උත්සව, ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු සඳහා සහාය වීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks