04

E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0112/2019: ඌව පළාත් සභාවේ අක්‍රමිකතා: විගණකාධිපති නිරීක්ෂණ

112/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් බෑග් ලබාදීම සම්බන්ධව අනාවරණය කර ඇති ඡේද අංක 4 (ආ) (i) සිට (vii) දක්වා කරුණු ඉදිරිපත් කරන්නේද;

(ii) එම අනාවරණයන්ට අදාළව (ආ) (i) සිට (v) දක්වා සිදු කර ඇති නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත. ඌව පළාත් සභාව තුළ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර, එම වාර්තාවේ ඌව පළාත්  අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් බෑග් ලබා දීම සම්බන්ධව අනාවරණය කර ඇති ඡේද අංක 4 (ආ)  (i) සිට (Vii) දක්වා කරුණු අනාවරණයක් සිදු කර නොමැත.

(ii) ඌව පළාත් සභාව තුළ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර, එම වාර්තාවේ ඌව පළාත්  අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් බෑග් ලබා දීම සම්බන්ධව ඡේද අංක 4 (ආ) (i) සිට (Vii) දක්වා කරුණු අනාවරණයක් සිදු කර නොමැති බැවින් ඊට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කර නොමැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks