පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
98/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රටේ පවත්නා අපරාධ මැඬලීම සඳහා ඉදිරිපත්ව සිටින නිලධාරින් දිරිමත් කිරීම සඳහා 2015 වර්ෂයේ සිට ගෙවා ඇති ත්‍යාග මුදල් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව කොපමණද;
(ii) මේ වනවිට කොපමණ නිලධාරින් සංඛ්‍යාවක් සඳහා එම ත්‍යාග මුදල් ගෙවා තිබේද;
(iii) දීමනා ගෙවිය යුතු ආකාරය පිළිබඳව නිර්ණායක පවතීද;
(iv) එසේ නම්, එම නිර්ණායක සභාගත කරන්නේද;
(v) ජීවිත පරදුවට තබා කටයුතු කරනු ලබන එම නිලධාරින් වෙනුවෙන් ගෙවනු ලබන දිරි දීමනා/ත්‍යාග මුදල් වැඩි කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්නේද;
(vi) එසේ නම්, එම කාලසීමාවන් සහ ක්‍රමවේද සභාගත කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-04
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
ත්‍යාග මුදල් (රුපියල්) |
|
2015 |
537,289,153.00 |
|
2016 |
646,367,488.70 |
|
2017 |
672,450,720.50 |
|
2018 |
82,501,903.18 |
|
2019 මැයි මස දක්වා |
227,673,015.40 |
(ii) 2015 සිට 2019 මැයි මස දක්වා පොලිස් නිලධාරින් නවලක්ෂ හැත්තෑහතරදහස් තුන්සිය විසි දෙකකට (974322) ත්‍යාග මුදල් ගෙවා ඇත.
(iii) ඔව්.
(iv) ත්‍යාග අරමුදලින් ගෙවිය යුතු දිරි දීමනා (ත්‍යාග මුදල්) ගෙවීම සම්බන්ධ නිර්ණායක අඩංගු 1990.03.09 දිනැති අංක 600/20 දරන අති විශේෂ ගැසට් පත්‍රය සභාගත* කරමි.
(v) ත්‍යාග මුදල් ගෙවීමේදී එක් එක් නිලධාරියා විසින් කරන ලද රාජකාරියේදී නිලධාරියාට ඇතිවන අනාරක්ෂිතභාවය, ජීවිත තර්ජනය, සිද්ධියේ බරපතළකම ආදිය සිද්ධියෙන් සිද්ධියට වෙන් වෙන් වශයෙන් -
(v) ත්‍යාග මුදල් ගෙවීමේදී එක් එක් නිලධාරියා විසින් කරන ලද රාජකාරියේදී නිලධාරියාට ඇතිවන අනාරක්ෂිතභාවය, ජීවිත තර්ජනය, සිද්ධියේ බරපතළකම ආදිය සිද්ධියෙන් සිද්ධියට වෙන් වෙන් වශයෙන් තක්සේරු කර එම රාජකාරිය නිසි ලෙස ඇගයීමට ලක් කර උපරිම ත්‍යාග මුදලක් අනුමත කිරීම ක්‍රමවේදය වේ. එමෙන්ම, ත්‍යාග මුදල් පිරිනැමීමේදී නිශ්චිත මුදලක් සඳහන් කර නොමැති අතර, එසේ නිශ්චිත මුදලකට සීමා කළ නොහැක.
(vi) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks