පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
90/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂයේදී යාපනය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා කළ බිම් ප්‍රමාණය කොපමණද;
(ii) පසුගිය කන්නයේ අර්තාපල් වගා කළ ගොවීන් සඳහා නිසි කාලසීමාවේදී බීජ ලබා දී තිබේද;
(iii) නොඑසේ නම්, ඒ සඳහා විකල්පයක් ලෙස රතු ලූණු වගාව සඳහා අවශ්‍ය බීජ ලබාදීමට කටයුතු යොදා තිබේද;
(iv) අර්තාපල් වගාව සඳහා අවශ්‍ය බීජ නිසි කාලසීමාවේදී ලබා දීමට නොහැකි වූ හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විකල්පයක් ලෙස ලබා දුන් රතු ලූණු වගාවෙන් ගොවීන්ගේ ආදායම උසස් මට්ටමකට පැමිණ තිබේද;
(ii) නොඑසේ නම්, රතු ලූණු වගා විනාශයට පත් වී තිබේද;
(iii) එසේ නම්, එයට හේතු කවරේද;
(iv) විනාශ වූ වගාවන් සඳහා රජය විසින් සහනාධාර ලබා දී තිබේ නම්, එම ප්‍රමාණයන් කොපමණද;
(v) එසේ සහනාධාර ලබා දී නොමැති නම් ඒ මන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-09
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටයාර් 84.
(ii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලංකාවේ අර්තාපල් වගා කරන ගොවීන් සඳහා ප්‍රධාන වශයෙන් ග්‍රැනෝලා, රෙඩ් ලසෝදා, ආනෝවා වැනි ප්‍රභේදවලට අයත් බීජ ගොවීන්ට ලබා ගැනීමට පහසුකම් සලසා තිබුණි. එහෙත් යාපනයේ අර්තාපල් ගොවීන් විසින් බහුලව වගා කිරීමට උනන්දු වන්නේ රෙඩ් ලසෝදා ප්‍රභේදයට අයත් අර්තාපල් බීජය. රෙඩ් ලසෝදා ප්‍රභේදයට රෝගයක් වැළඳීම හේතුවෙන් පසුගිය කන්නයේ එම ප්‍රභේදයේ බීජ ආනයනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී නොතිබුණ බැවින් එම ප්‍රභේදයට අයත් බීජ යාපනයේ ගොවීන්ට ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණි.
එහෙත් එම කාල සීමාවේදී වෙළෙඳ පොළ තුළ තිබූ අනෙකුත් අර්තාපල් ප්‍රභේද වගා කිරීමට ගොවීන් පෙළඹවීම උදෙසා පසුගිය කන්නයේ සියයට 50ක ගොවි දායකත්වය යටතේ රුපියල් මිලියන 28ක ව්‍යාපෘතියක් යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලදී. එම ව්‍යාපෘතිය යටතේ අර්තාපල් බීජ මෙට්‍රික්ටොන් 232ක් ගොවීන් 1,160 දෙනෙකු අතර බෙදා දී ඇත. ගොවීන්ගේ සියයට 50ක දායකත්වය වූ රුපියල් මිලියන 28ක් සහ රජයේ සියයට 50 දායකත්වය ඇතුළුව මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 56කි.
(iii) නැත.
(iv) මෙම පිළිතුරේ (අ)ii සඳහන් පිළිතුරම මේ සඳහා අදාළ වේ.
(ආ) (i) විකල්පයක් ලෙස රතු ලූනු බීජ ලබා දීමක් සිදු වූයේ නැත. එහෙත් රතු ලූනු වගා කරන ගොවීන්ගේ වෙළෙඳ පොළ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශය මඟින් ගොවීන්ට රතු ලූණු ගබඩා පහසුකම් ඇති කර ගැනීම සඳහා රුපියල් මිලියන 5.09ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර, එයින් ආදායම් උසස් මට්ටමකට ගෙන ඒම අපේක්ෂාව වූ බව සඳහන් කරමි.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) වගා ආරම්භයත් සමඟ කෘෂි රක්ෂණ ක්‍රමය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ගේ වගා හානි සඳහා රක්ෂණ මුදල් ලබා දීමට කටයුතු කර ඇතත්, විනාශ වූ වගාවන් සඳහා රජය විසින් සහනාධාර ලබා දී නොමැත.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks