පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
89/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනයට අවශ්‍ය ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(ii) එම ප්‍රමාණයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය කොපමණද;
(iii) දේශීය වශයෙන් ලොකු ලූණු වගා කරනු ලබන ප්‍රදේශ කවරේද;
(iv) ලොකු ලූණු වගා කරන ගොවීන් සංඛ්‍යාව කොපමණද;
(v) ලොකු ලූණු වගා බිම් ප්‍රමාණය කොපමණද;
(vi) 2015 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික ලොකු ලූණු අස්වනු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලොකු ලූණු ගොවීන් ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇති සහන කවරේද;
(ii) ලොකු ලූණු වගාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-21
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දළ වශයෙන් මෙට්‍රික් ටොන් 250,000 ක් පමණ.
(ii) මෙට්‍රික් ටොන් 60,000 ක් පමණ.
(iii) මාතලේ (දඹුල්ල, ගලේවල),
මහවැලි H1 කලාපය (හුරුළුවැව),
මහවැලි G කලාපය (බකමූණ),
මහවැලි H කලාපය (තඹුත්තේගම),
අනුරාධපුර,
වවුනියාව.
(iv) 10,000 ක් පමණ.
(v) හෙක්ටයාර 3,500 ක් පමණ.
(vi)
|
වර්ෂය |
ලොකු ලූනු නිෂ්පාදනය (ටෙට්‍රික් ටොන්) |
|
2015 |
89,323 |
|
2016 |
65,223 |
|
2017 |
53,603 |
|
2018 |
28,047 |
(ආ) (i) * කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත් ගොවීන් මඟින් ක්‍රියාත්මක කරන ලොකු ලූනු බීජ නිෂ්පාදන වැඩසටහන සහ ගුණාත්මකභාවයෙන් උසස් ලොකු ලූනු බල්බ ලබා දීම.
* කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ KOPIA - Korea Programme on International Agriculture- ආයතනය මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ තෝරාගත් ගොවීන් සඳහා ආරක්ෂිත ගෘහ, ලොකු ලූනු ගුණාත්මක බීජ, විසිරුම් ජල සම්පාදන පද්ධති සහ නව තාක්ෂණය නොමිලේ ලබා දීම.
* ලොකු ලූනු මිලදී ගැනීම සඳහා සහතික මිලක් ලෙස කිලෝ එකකට රු. 80/-ක් ලබා දීම.
* ලොකු ලූණු බීජ සඳහා 50%ක සහනාධාරයක් ලබා දීම.
* විශේෂ භාණ්ඩ බද්ද ලොකු ලූනු කිලෝ එකකට රු. 20/- සිට රු. 40/- දක්වා ඉහළ දැමීම.
(ii) ඔව්.
* ගුණාත්මකභාවයෙන් උසස් සහ ඉහළ අස්වනු විභවයන් සහිත නව ලොකු ලූනු ප්‍රභේද හඳුන්වා දීම.
* ලොකු ලූනු ගොවීන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීමට, අදාළ නිෂ්පාදන වෙළඳ පොළට එන කාල සීමා සලකා බලා ආනයනික ලොකු ලූනු සඳහා බදු පැනවීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks