01

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0087/2019: වොක්ස්වැගන් කර්මාන්තශාලාව ඉදිකිරීම් කටයුතු: ප්‍රගතිය

87/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන ලද දිනය සහ  ස්ථානය කවරේද;

             (ii)       ඒ සඳහා වෙන් කළ භූමියේ වර්ග ප්‍රමාණය කොපමණද;

            (iii)       මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේද;

(iv) එසේ නම්, එම ඉදිකිරීම්වල ප්‍රගතිය කවරේද;

(v) ඉදිකිරීම් කටයුතු නිම කර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබේද;

(vi) එසේ නම්, මේ වනවිට නිෂ්පාදනය කර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

(vii) නොඑසේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2017 ජනවාරි 03 දින මහනුගලන්ද වතුයාය, ලබුයාය, කුලියාපිටිය.

                         මෙය තවදුරටත් වොක්ස්වැගන් නාමය භාවිත නොකරයි. ආයෝජකයා විසින් වෙනත් කීර්තිමත් සන්නාමයක් භාවිත කිරීමට යෝජනා කර ඇති නමුත්, මේ දක්වා තාක්ෂණික සහයෝගිතාව සඳහා ගිවිසුමක් ඉදිරිපත් කර නොමැත.

(ii) මුලින්ම කුලියාපිටිය, ලබුයාය, මහනුගලන්ද වතුයාය තුළින් අක්කර 29.5 වෙන් කරන ලද අතර පසුව ගංවතුර වැළැක්වීම සඳහා අමතර අක්කර 5ක් ආයෝජකයා විසින් හඳුනාගෙන ඇත.

(iii) මේ වන විට පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කටයුතු පමණක් ආරම්භ කර ඇත. කරුණාකර (iv) ගැටලුව සඳහා වන පිළිතුර බලන්න. එම පිළිතුරේ විස්තර තිබෙනවා.

(iv) විගණනය කරන ලද ගිණුම් අනුව, 2019.03.31 දින වන විට සිදු කරන ලද සමස්ත ආයෝජනය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 5.7 (රුපියල් බිලියන 1) පමණ වේ. දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.7ක් ආයෝජනය කරලා තිබෙනවා.  ඉදිකිරීමේ ප්‍රගතිය පිළිබඳ විස්තරය මට table කරන්න පුළුවන්. Otherwise, I can read it out.

Property, Plant and Equipment - Rs. 78 million;

Leasehold Land - Rs. 81 million;

Boundary Wall - Rs. 49.3 million;

Preliminary and Land Preparation - Rs. 33.6 million;

Batching Plant - Rs. 17.8 million;

Road Works - Rs. 40.9 million;                  

Excavation of Burrow Lands - Rs. 50.8 million;

The Training Centre, which is more or less complete now - Rs. 511 million;

Main Building Preliminaries -  Rs. 38.8 million;

Labour Accommodation -  Rs. 7.3 million;

Vehicle Park - Rs. 0.89 million;

Expatriate Accommodation - Rs. 13 million; and 

Interest, during this construction period - 38.6 million.

In total, it is about Rs. 976 million.

(v) No.  

(vi) None.

(vii) The construction of the main building has not been done yet. The technical collaborator has been changed from time to time and there is a delay. The BOI has been informed that they will open LCs for a prefab building within the next month or so.

(b) Not relevant.

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මලික් සමරවික්‍රම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks