පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
86/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) හෙද නිලධාරි පුරප්පාඩු ඇති රෝහල් කවරේද;
(iii) මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iv) එම පුරප්පාඩු ඇති වීමට හේතු කවරේද;
(v) රෝහල්වල පවතින හෙද නිලධාරි පුරප්පාඩු හේතුවෙන් රෝගීන් මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අදාළ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීමට මේ වනවිට ගැසට් නිවේදන නිකුත් කර තිබේද;
(ii) හෙද නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් කවරේද;
(iii) මේ වනවිට පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කර නොමැති නම්, එම පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-19
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 36,402කි. (තිස්හයදහස් හාරසීය දෙක)
(ii) ඇමුණුම 01හි දක්වා ඇත. (ඇමුණුම සභාගත** කරමි.)
(iii) 5,461කි. (පන්දහස් හාරසීය හැටඑක)
(iv) · පසුගිය කාල වකවානු තුළ රෝහල් පද්ධතිය පුළුල් කර සේවා සැපයීම් වැඩිදියුණු කිරීමට සමානව සෞඛ්‍ය මානව සම්පත්වල අවශ්‍යතාව වැඩිවීම මඟින් රෝහල් අනුමත හෙද කාර්ය මණ්ඩලවල සංඛ්‍යාව ඉහළ යෑම.
· කළමනාකරණ දෙපාර්තමේන්තුව, පළාත් අනුව රෝහල්වල කාර්ය මණ්ඩල අවශ්‍යතා නැවත සමාලෝචන කිරීම මත අනුමත හෙද කාර්ය මණ්ඩල වැඩිවීම.
· 2016 වසරේ සිට මහජන සෞඛ්‍ය හෙද නිලධාරි වශයෙන් නව තනතුරක් ඇති කර, ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම තුළ හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතාව ඉහළ යෑම.
· බොහෝ දුරට සමාන වයස් සීමාවල පිරිස් කණ්ඩායම් වශයෙන් හෙද පුහුණුවට බඳවා ගැනීම සිදු වන බැවින්, විශ්‍රාම යෑමත් කණ්ඩායම් වශයෙන් සිදු වීම.
· සේවය හැරයෑම, ඉල්ලා අස්වීම වැනි හේතූන්ද හෙද නිලධාරි පුරප්පාඩු සඳහා බලපානු ලබයි.
(v) හෙද නිලධාරින් අතිකාල සේවයේ යෙදවීම හා විශ්‍රාම ගිය නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම මඟින් රෝගී සත්කාර සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත් වී නොමැත.
(ආ) (i) ඔව්.
(ii) 1. අ.පො.ස.(උසස් පෙළ) විභාගයේ ජෛවීය විද්‍යාව හා භෞතික විද්‍යාව විෂය ධාරාවන්හි විෂයයන් 3ක් සමත් වීම සහ සිංහල / දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන විෂයයන් 4ටම සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාස 36ක පූර්ණ කාලීන හෙද ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කර තිබීම.
2. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාස හයක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සම්පූර්ණ කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරින් වීම.
(iii) මේ වන විට හෙද විදුහල්වල 7,023ක් පුහුණුව ලබමින් සිටින අතර, පුහුණුව අවසන් වූ විගස පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks