01

E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0075/2019: ශ්‍රීලන්කන් ගුවන් සමාගම: ලාභ/පාඩු

75/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2015 වර්ෂයේ සිට මේ දක්වා,

              (i)      ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා ආගමනය හා විගමනය කළ පුද්ගලයන් සංඛ්‍යාව;

(ii) පියාසර කළ වාර සංඛ්‍යාව;

(iii) එම ගුවන් සමාගම උපයන ලද ආදායම;

(iv) ලබන ලද ලාභය හෝ පාඩුව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2015 වර්ෂයේ සිට මේ දක්වා අලාභයක් සිදුවූයේ නම්, එම අලාභවලට හේතු එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

2015 අප්‍රේල් සිට 2016 මාර්තු දක්වා

2016 අප්‍රේල් සිට 2017 මාර්තු දක්වා

2017 අප්‍රේල් සිට 2018 මාර්තු දක්වා

2018 අප්‍රේල් සිට 2019 මාර්තු දක්වා

ශ්‍රීලන්කන් එයාර් ලයින් සමඟ පිටත්වීම

මිලියන 2.170

 මිලියන 2.218

 මිලියන 2.910

 මිලියන 2.824

ශ්‍රීලන්කන් එයාර් ලයින් සමඟින් පැමිණීම

මිලියන 2.159

 මිලියන 2.228

 මිලියන 2.929

 මිලියන 2.824

             (ii)

2015 අප්‍රේල් සිට 2016 මාර්තු දක්වා 2016 අප්‍රේල් සිට 2017 මාර්තු දක්වා

2017 අප්‍රේල් සිට 2018 මාර්තු දක්වා 2018 අප්‍රේල් සිට 2019 මාර්තු දක්වා

 

 

 

 

ගුවන් ගමන් වාර ගණන

12,948

13,121

17,144

16,659

 

(iii) එම ගුවන් සමාගම උපයන ලද ආදායම; 

 

2015 අප්‍රේල් සිට 2016 මාර්තු දක්වා (රු.මි.)

2016 අප්‍රේල් සිට 2017 මාර්තු දක්වා (රු.මි.)

2017 අප්‍රේල් සිට 2018 මාර්තු දක්වා (රු.මි.)

2018 අප්‍රේල් සිට 2019 මාර්තු දක්වා (රු.මි.)

ගුවන් සමාගම උපයන ලද ආදායම

129,480

135,491

161,654

180,528

 

2015 අප්‍රේල් සිට 2016 මාර්තු දක්වා (රු.මි.)

2016 අප්‍රේල් සිට 2017 මාර්තු දක්වා (රු.මි.)

2017 අප්‍රේල් සිට 2018 මාර්තු දක්වා (රු.මි.)

2018 අප්‍රේල් සිට 2019 මාර්තු දක්වා (රු.මි.)

සිදු වූ පාඩුව

(12,622)

(28,930)

(17,214)

(40,300)

 

 

2015 අප්‍රේල් සිට 2016 මාර්තු දක්වා (රු.මි.)

2016 අප්‍රේල් සිට 2017 මාර්තු දක්වා (රු.මි.)

2017 අප්‍රේල් සිට 2018 මාර්තු දක්වා (රු.මි.)

2018 අප්‍රේල් සිට 2019 මාර්තු දක්වා (රු.මි.)

සිදු වූ පාඩුව

(12,622)

(28,930)

(17,214)

(40,300)

(ආ)     2015/2016දී  සිදු වූ අලාභය සඳහා බලපෑ ප්‍රධාන හේතු

           A350 - 900 ගුවන් යානාවක ගිවිසුම අවසන් කිරීම සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2,562කි.

           වර්ෂය සඳහා මූල්‍ය අය කිරීම් රුපියල් මිලියන 5,917කි.

කොළඹ සිට/දක්වා තරගකාරී ආසන ධාරිතාව පෙර වර්ෂයට සාපේක්ෂව 12%කින් වැඩි විය.

2016/2017 දී  සිදු වූ අලාභය සඳහා බලපෑ ප්‍රධාන හේතු

A350 - 900 ගුවන් යානා 03ක් අවලංගු කිරීම සඳහා වූ වන්දි මුදල රුපියල් මිලියන 14,363කි.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ  වීම නිසා 2016/17හි විනිමය අලාභය රුපියල් මිලියන 3,668කි.

වර්ෂය සඳහා මූල්‍ය අය කිරීම් රුපියල් මිලියන 6,923 (2015/2016 - රු.මිලියන 5,917) පවත්නා ණය පහසුකම් ඉහළ නැංවීමත්, මෙහෙයුම් සඳහා මූල්‍යාධාර ලබාගත් නව කෙටි කාලීන විදේශීය ණය පහසුකම් සඳහා පොලී ගාස්තු පෙර වසරට සාපේක්ෂව වැඩි විය.

2017 ජනවාරි මස සිට 2017 අප්‍රේල් මස දක්වා ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් 2016/ 2017 වසරේදී පාඩු සිදු විය. එහිදී ගුවන් යානා 600ක් පමණ අවලංගු කිරිමට සිදු විය.

කොළඹ සිට/ දක්වා තරගකාරී ආසන ධාරිතාව පෙර වර්ෂයට සාපේක්ෂව 8%කින් වැඩි විය.

2017/ 2018 දී සිදු වූ අලාභය සඳහා බලපෑ ප්‍රධාන හේතු.

ගුවන්යානා ඉන්ධන පිරිවැය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ගෝලීය ඉන්ධන මිල වැඩි වීමයි. 2017/ 2018 දී ඉන්ධන ගැලුමක් එක්සත් ජනපද ඩොලර් 1.91කින්   මිල ඉහළ ගිය අතර 2016/ 2017දී ඉන්ධන ගැලුමක් එක්සත් ජනපද ඩොලර් 1.61ක් විය. (එය සියයට 18 ක වර්ධනයකි.) එහි ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් විචලතාව රුපියල් මිලියන 7,195කි.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ  වීම නිසා 2017/ 2018 හි විනිමය අලාභය රුපියල් මිලියන 2,017කි.

පවත්නා ණය පහසුකම් මත පොලී අනුපාතිකය ඉහළ යෑම සහ නව කෙටි කාලීන විදේශ මුදල් ණය පහසුකම් පිළිබඳ පොලී ගාස්තු ඉහළ යෑම හේතුවෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා  සපුරා ගැනීම සඳහා ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන වසරකට රුපියල් මිලියන 8,820කි.

පෙර වර්ෂයට සාපේක්ෂව තරගකාරී ආසන ධාරිතාව කොළඹ සිට 8%කින් වැඩි විය.

2018/2019දී සිදුවූ අලාභය සඳහා බලපෑ ප්‍රධාන හේතු

* ආදායමේ ධනාත්මක වර්ධනයක් නොතකා ප්‍රධාන ආදායම් උත්පාදනය කරන මුදල් හිඟය හේතුවෙන් 2018/2019 මූල්‍ය වර්ෂය සඳහා මඟී ආදායම් මත අහිතකර බලපෑම රුපියල් මිලියන 3,690කි.

* 2018/2019දී ඇමෙරිකානු ඩොලර් 2.27 දක්වා ඉන්ධන ගැලුමක මිල ඉහළ ගිය අතර, 2017/2018ට සාපේක්ෂව ඉන්ධන ගැලුමක් ඇමෙරිකානු ඩොලර් 1.91 (19% වැඩිවීමකි).

එහි ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් විචල්‍යතාව රුපියල් මිලියන 9,782කි.

* ඇමෙරිකන් ඩොලර් වටිනාකමට අනුව බොහෝ ගෙවීම් සිදුකරන බැවින්, 2018/2019 සඳහා විනිමය අවප්‍රමාණ  වීම හේතුවෙන් ශ්‍රී ලංකාව දක්වන සැලකිය යුතු බලපෑම එනම්, විනිමය අලාභය රුපියල් මිලියන 12,072යි. විදේශීය වත්කම් හා වගකීම් නැවත ගණනය කිරීමෙනි. (රුපියලේ අගය අවප්‍රමාණ රුපියල් 20.43ක් වන අතර, එය සියයට 13කි.)

* තවද, වර්ෂය සඳහා අලාභය රඳවා ගැනීමේ බදු ප්‍රතිපාදන - Withholding Tax -  රුපියල් මිලියන 4,849කි.

අපි නීතිය අනුව හැමෝගෙන්ම එය ගන්නවා. ඒකත්                             ශ්‍රී ලංකන් ගුවන් සේවාවට බලපානවා.

(පසුගිය වසරේ WHT  නැත.)

* වර්ෂය සඳහා  මූල්‍ය අයකිරීම් රුපියල් මිලියන 10,805කි.

* පෙර වර්ෂයට සාපේක්ෂව තරගකාරි ආසන ධාරිතාව කොළඹ සිට සියයට හතරකින් වැඩි විය

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks