පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
71/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා පියවා නොමැති රාජ්‍ය ණය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒ අතරින් දේශීය ණය ප්‍රමාණය කොපමණද;
(iii) එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේද;
(iv) විදේශීය ණය ප්‍රමාණය කොපමණද;
(v) එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේද;
(vi) ණය ප්‍රමාණය වසරින් වසර වැඩිවීමක් සිදුවී තිබේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;
(vii) මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගනු ලබන පියවර සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-22
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නොපියවූ රාජ්‍ය ණය (මධ්‍යම රජයේ) රුපියල් මිලියන
(1) 2003 නොවැම්බර් මාසයේදී ස.තො.ස වෙත නිකුත් කරන ලද රුපියල් මිලියන 4,397ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර (2016 නොවැම්බර් 14 දින පරිනත විය.) 2012 ජනවාරි මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නිකුත් කරන ලද රුපියල් මිලියන 78,447ක් ඇතුළත් නොවේ.
(2) අනේවාසිකයන් සතු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළත් නොවේ.
(3) අනේවාසිකයන් සතු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළත් වේ.
(4) 2018 දෙසැම්බර් අවසානයේ ව්‍යාපෘති හා ඒකාබද්ධ ණය අගයන් 2018 දෙසැම්බර් මස අවසානයට පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයීය ණය වාර්තාකරණ හා කළමනාකරණ පද්ධතිය පදනම් කරගෙන වාර්තා කර ඇත.
(5) විදේශ ව්‍යාපෘති ණය, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, විදේශ කාලීන ණය සහ අනේවාසිකයන් සතු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළත් වේ.
(6) තාවකාලික.
(ii) ඉහත (අ) (i) පිළිතුර අදාළ වේ.
(iii) ඉහත (අ) (i) පිළිතුර අදාළ වේ.
(iv) ඉහත (අ) (i) පිළිතුර අදාළ වේ.
(v) ඉහත (අ) (i) පිළිතුර අදාළ වේ.
(vi) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 1948 නිදහස ලැබූ දින සිට ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 2017 වසර අවසානය වන විට රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි) ප්‍රතිශතයක් ලෙස සියයට 77.6ක් විය. වසර 2000දී එය සියයට 96.9ක් විය. මෑත කාලීනව රාජ්‍ය ණය ඉහළ යාමට මූලිකවම හේතු වූයේ, සැලකිය යුතු අය වැය හිඟයක් පැවතීම හා දේශීය මුදල අවප්‍රමාණය වීමයි.
(vii) ඉදිරියේදී රජය, ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ස්ථාවරතාවකින් යුතුව ක්‍රියාත්මක කිරීමට කැපවී ඇති බැවින් එය තිරසාර ණය මට්ටමක් පවත්වා ගෙන යාමට ඉවහල් වනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරතා වැඩසටහන, රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා අඩු කිරීම සහ ණය ඒකරාශී කරන ශීඝ්‍රතාව අවම කිරීම අරමුණු කොට ඇත. 20018 වසරේ සිට රජය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපේක්ෂා කරන අතර, ඒ තුළින් 2020 වසරේදී අය වැය හිඟය ද.දේ.නි හි ප්‍රතිශතයක් ලෙස සියයට 3.5ක් දක්වා අඩු කර ගැනීම ඉලක්ක කොට ඇත. මෙම රාජ්‍ය මූල්‍ය ස්ථාවරතාව තුළින්, 2021දී රාජ්‍ය ණය ද.දේ.නි හි ප්‍රතිශතයක් ලෙස සියයට 69ට පහළ අගයක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks