පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
54/’18
ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) එවකට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන ලද ග්‍රාමීය පාලම් 500 ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක් දැනට ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතියේ අරමුණ කවරේද;
(iii) මෙම ව්‍යාපෘතිය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරාගෙන ඇති පාලම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(iv) බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට අබලන් වී ඇති අනෙකුත් පාලම් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පාලම් 500ක් ඉදිකිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර නැත. එනමුදු දැනටමත් මෙම අමාත්‍යාංශ විසින් සමස්ත දිවයිනම ආවරණ වන පරිදි ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය පාලම් 1,318ක් ඉදිකර අවසන් කර ඇති අතර මහජන අයිතිය සඳහා ද පවරා දී ඇත.
(ii) මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ අරමුණු වන්නේ,
රටේ ජාතික ආර්ථික වර්ධනය අරමුණු කර ගනිමින් ජනතාවගේ සංචලනය සහ ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම.
ග්‍රාමීය ජනතාවගේ පොදු සුරක්ෂිත බව වර්ධනය කිරීම.
ග්‍රාමීය ප්‍රදේශවල මෙතෙක් භාවිතයට නොගත් සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් නව නිෂ්පාදන අවස්ථා සඳහා ඔවුන්ගේ දේශීය දැනුම භාවිතයට ගැනීම.
(iii) බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩ අවසන් කර ඇති පාලම් සංඛ්‍යාව 89කි. ඇමුණුම 01 බලන්න. ඇමුණුම සභාගත* කරමි.
(iv) බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පාලම් සංඛ්‍යාව 18කි. ඇමුණුම 02 බලන්න. ඇමුණුම සභාගත* කරමි.
තවද, එක්සත් රාජධානි ණය ආධාර මත ග්‍රාමීය පාලම් 175ක් හා නෙදර්ලන්ත ණය ආධාර මත ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා පිළිවෙළින් 2019.02.27 හා 2019.02.22 යන දිනවලදී කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇත. එසේම හංගේරියානු ණය ආධාර මත පාලම් 100ක්, බෙල්ජියම් ණය ආධාර මත පාලම් 60ක් හා ඔස්ට්‍රියානු ණය ආධාර මත පාලම් 04ක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිවලට අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks