පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
51/’18
ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “පුරනැගුම” ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;
(iv) බදුල්ල දිස්ත්‍රික්කයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-26
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) තුනයි (03).
(ii) (අ) ගලිගමුව ප්‍රාදේශීය සභාව සඳහා වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉදි කිරීම.
(ආ) හම්බන්තොට ප්‍රාදේශීය සභාව සඳහා වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉදි කිරීම.
(ඇ) අගලවත්ත ප්‍රාදේශීය සභාව සඳහා වන කොම්පෝස්ට් අංගනය ඉදි කිරීම.
(iii) (අ) ගලිගමුව මධ්‍යස්ථානය - රු.මිලියන 6.45
(ආ) හම්බන්තොට මධ්‍යස්ථානය -රු.මිලියන 3.84
(ඇ) අගලවත්ත මධ්‍යස්ථානය - රු.මිලියන 31.54
(iv) බදුල්ල දිස්ත්‍රික්කයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් දිනකට මෙට්‍රික්ටොන් 50ක් කොම්පෝස්ට් කළ හැකි කවෂිමා කොම්පෝස්ට් යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කළද, එහිදී මහජන විරෝධතා පැන නැඟීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ සඳහා වෙනත් සුදුසු ස්ථානයක් තෝරා ගන්නා ලෙසට කිහිප විටක්ම අදාළ නිලධාරින් හා පළාත් පාලන ආයතන දැනුවත් කළද, එය සාර්ථක නොවීය.
කුඩා පරිමාණයෙන් කසළ ජනනය වන පළාත් පාලන ආයතනවලට කොම්පෝස්ට් අංගන ලබා දීමටත් කසළ ප්‍රවාහනය විධිමත් කිරීමට අවශ්‍ය කම්පැක්ටර් රථ ලබා දීමටත් මේ වන විට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී තවදුරටත් අවශ්‍යතාව අනුව කම්පැක්ටර් රථ ලබා දීමට සැලසුම් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks