01

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0045/2019: ඉන්ධන නිකුත් කිරීම: ලාභය/පාඩුව

45/’18

ගරු හේෂා විතානගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රජය විසින් අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ දිනය කවරේද;

             (ii)      එම දිනය තුළ කොළොන්නාවෙන් හා මුතුරාජවෙල තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරනු ලැබූ බවුසර් සංඛ්‍යාව හා ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ක‍වරේද;

(iii) මෙසේ අඩු මිලට ඉන්ධන බෙදා හැරීම හේතුවෙන් එම දිනය තුළ පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ පාඩුව කොපමණද;

(iv) ලංකා ඛනිජ තෙල් නීතිගත  සංස්ථාවට විශාල පාඩුවක් සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019.06.10 දින මධ්‍යම රාත්‍රියේ (12.00) සිට.

              (ii)      නිකුත් කරන ලද ඉන්ධන ප්‍රමාණය - කිලෝ ලීටර 11,704

                        බවුසර් සංඛ්‍යාව - 1,773 (ලීටර 6,600 තොග වශයෙන්)

             (iii)      2019.06.10 වැනි දින පැවති මිල ගණන්වලට සාමාන්‍යයෙන් දිනකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නිකුත් කොට ඇත. ඒ අනුව පාඩුවක් සිදුවී නොමැත.

(iv) 2019.06.10 වැනි දිනද වෙනත් සාමාන්‍ය දිනක මෙන් ගනුදෙනු සිදු වී ඇත. ඒ නිසා පාඩුවක් සිදුවී නොමැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කබීර් හෂීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks