01

E   |     |  

 දිනය: 2019-07-09   පිළිතුර ලබා දී ඇත 

0039/2019: "රටම එළියයි - අඳුර දුරලයි" ජාතික විදුලි සැපයුම් ව්‍යාපෘතිය: විස්තර

39/’18

ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       “රටම එළියයි - අඳුර දුරලයි” ජාතික විදුලි සැපයුම් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)       එම ව්‍යාපෘතිය මඟින් විදුලිය ලබාදුන් නිවාස ඒකක සංඛ්‍යාව කවරේද;

(iii) දැනට රට තුළ විදුලිය සපයා ඇති නිවාස ඒකක සංඛ්‍යාව, මුළු නිවාස ඒකක සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       "රටම එළියයි - අඳුර දුරලයි" ජාතික වැඩසටහන 2016.01.13වැනි දා ආරම්භ කරන ලදී.

              (ii)       ඉහත සඳහන් ව්‍යාපෘතිය යටතේ 2016.12.31 දිනට නිවාස ඒකක 239,783ක් සඳහා විදුලිය සපයා ඇත.

             (iii)       මේ වන විට රට තුළ නිවාස ඒකක 60,008,853ක් සඳහා විදුලිය සපයා ඇත.

                         කනගාටුවෙන් වුවත් නිවැරදි කිරීමක් කරන්න ඕනෑ. මේ සංඛ්‍යාවට තව ලක්ෂ 4ක් එකතු වන්න අවශ්‍යයි.  

තවමත් විදුලි සම්බන්ධතාව ලබා ගෙන නොමැති නිවාසවල තොරතුරු අදාළ දිස්ත්‍රික්කවලට අනුව ඒ ඒ දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් ලබා දෙන ලෙසට "ගම් පෙරළිය" කඩිනම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. (ඇමුණුම 01)

මේ වන විට දිස්ත්‍රික්ක 19ක තොරතුරු මෙම අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර, සම්පූර්ණ එකතුව වූ නිවාස ඒකක 38,181ක් සඳහා විදුලි සම්බන්ධතා ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. (ඇමුණුම 02)

ඒ අනුව දැනට විදුලිය නොමැතිව පවතින ඉහත නිවාස 38,181 සඳහා විදුලිය ලබා දීමට "රටම එළියයි - අඳුර දුරලයි" ජාතික වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන ලෙස 2019.06.20වන දිනැතිව මෙම අමාත්‍යාංශය මඟින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත. (ඇමුණුම 03)

(ආ) අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2019-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks